රාජ්‍ය ව්‍යාපාර ආයතනවලට පත්කළ භාණ්ඩාගාර නිලධාරීහු රැසක් අධ්‍යක්ෂ රාජකාරි අත්හරිති

රාජ්‍ය භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන භාණ්ඩාගාරයට අනුයුක්ත නිලධාරීන් 85 දෙනකු පමණ...

රාජ්‍ය භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන භාණ්ඩාගාරයට අනුයුක්ත නිලධාරීන් 85 දෙනකු පමණ තමන්ගේ ඉදිරි ආරක්ෂාව සහ වෘත්තීය ගරුත්වය තහවුරු කරන ක්‍රමවේදයක් ඇති කරන තෙක් එම අධ්‍යක්ෂ මණ්ඩල රාජකාරිවලින් සහ රජයේ ප්‍රසම්පාදන කමිටුවලින් ඊයේ සිට තාවකාලිකව ඉවත් වී ඇත.

සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ නිලධාරින් ත්දෙනෙකු ඊයේ දිනයේදේ FCID ය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට දිරිපත්කිරීමෙන් පසු බන්ධනාගාර ගත කෙරෙනි.

රාජ්‍ය ව්‍යවසාය තුළ පවතින 280කට ආසන්න අධ්‍යක්ෂ ධුර නියෝජනය කරන මෙම නිලධාරීන් මේ සම්බන්ධව දීර්ඝ ලෙසින් කරුණු දක්වමින් සකස් කළ ලිපියක් ඊයේ (24) භාණ්ඩාගාර ‍ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග වෙත ලබා දී ඇත. මෙම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන්හි සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් බොහෝ විට දේශපාලන පත්වීම් ලබා පැමිණෙන පුද්ගලයන් බවත් ඔවුන් විසින් ගන්නා ලද තීන්දු තීරණ සහ සිදු කළ වැඩකටයුතු හේතුවෙන් තමන්ට පසුගිය කාලය තුළ රජය මගින් රාජකාරිමය වශයෙන් පත් කරන භාණ්ඩාගාර නිලධාරීන්ට එම අකටයුතුකම් සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණවලට යටත් වන්නට, අත්අඩංගුවට හා් සිරගතවීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මේ තත්ත්වය තුළ තමන්ට එම අධ්‍යක්ෂ මණ්ඩල හෝ රජයේ මිලදී ගැනීම්වලට සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු සහ තාක්ෂණ ඇගයීම් කටයුතුවලට සම්බන්ධ වීම අවදානම් සහගත කරුණක් බවට පත්ව ඇති බව එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල තුළ කවුරුන් තීරණ ගත්තද ඒවා කෙසේ ක්‍රියාත්මක කළද එහිදී සිදුවන මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජිතයන්ට වැඩි වගකීමක් නිරන්තරයෙන්ම පැවරෙන බවත් මේ නිසාම ඔවුන්ට රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව කාරක සභා රැස්වීම්වලදී පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාණ්ඩාගාරය නියෝජනය කරන අදාළ ආයතන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් වැඩිදුර මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට පෙලඹී ඇති බවද එහිදී ඔවුන් පෙන්වා දී ඇත.

මෙම ආයතන බොහොමයක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ එහි විධායක නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළද එම අකටයුතුකම් සම්බන්ධයෙන් තමන්ටද අදාළ විමර්ශන හමුවේ කරුණු දැක්වීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. තම කැමැත්ත නොවිමසා මෙම තනතුරු භාණ්ඩාගාරය විසින් පිරිනමනු ලබන තත්ත්වයක් තුළ තමන්ට මෙම කරුණු දැක්වීම් හෝ ෙනෙතික පියවරවලදී පෞද්ගලික ව එයට මුහුණ දීමට සිදුවන බවද භාණ්ඩාගාර ‍ලේකම්වරයාට කරුණු දක්වා ඇති අතර එමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයටද දැඩි අපහසුතා එල්ල වන බව සඳහන් කොට ඇත.

ඇතැම් නිලධාරීන් ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට භාණ්ඩාගාරය විසින් පත් කොට ඇති අතර ඔවුන් මෙම ලිපිය තුළින් දැඩි සේ අවධාරණය කර ඇත්තේ තමන්ට මෙම තත්ත්ව යටතේ තවදුරටත් එම අධ්‍යක්ෂ තනතුරු නියෝජනය කළ නොහැකි බවය. එබැවින් ඉදිරියේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් තමන් මෙම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සහ ප්‍රසම්පාදන කටයුතුවලින් තාවකාලිකව බැහැර වන බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් භාණ්ඩාගාර ‍ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5870274915028742227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item