කටුනායක යානා පරීක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි
කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන සියලුම යානා ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද(25) සිට පරීක්ෂාවට ලක් කරයි. එම අභ්‍යාසය සාර්ථකව සිදුවේ...

http://www.sathhanda.com/2016/03/blog-post_164.html

එම අභ්‍යාසය සාර්ථකව සිදුවේදැයි සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල ගුවන් තොටුපොළට පැමිණි තිබේ.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයන් පසු ලොව බොහෝ ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කැරිණි. කටුනායක ගොඩබාන ගුවන් යානයක මගීන් බැස ගිය පසු ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් එම යානය පරීක්ෂා කරයි. එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමද තරකර ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
Related