දෙමටගොඩ චමින්දට වෙඩි තබා ඇත්තේ රවී කරුණානායකගේ ගෝලයා වන සංඛ

භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතන නඩුව විභාග කිරීමෙන් පසුව ඊයේ(02) පස්වරු 3.40ට පමණ බන්ධනාගාර බස් රථය අධිකරණයෙන් පිට වන විටම ඒ සම්බන්ධයෙන් වෙඩි ත...

භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතන නඩුව විභාග කිරීමෙන් පසුව ඊයේ(02) පස්වරු 3.40ට පමණ බන්ධනාගාර බස් රථය අධිකරණයෙන් පිට වන විටම ඒ සම්බන්ධයෙන් වෙඩි තැබූ පාර්ශ්වයට කිසිවකු විසින් තොරතුරු ලබා දී ඇති බවට සැක පලවී තිබෙනවා.

බස් රථය මාළිගාවත්ත මුස්ලාම් සුසාන භූමිය ඉදිරිපිට වාහන තදබදය නිසා සෙමින් ගමන් කර ඇති අතර කළු පැහැති මෝටර් රථයක් සහ යතුරු පැදියක් ඒ ආසන්නයේම නවත්වා තිබි තිබෙනවා.

යතුරුපැදියේ සිටි එක් අයෙක් බන්ධනාගාර බසය අසලට පැමිණ දෙමටගොඩ චමින්ද සිටි පැත්තතේ දැල අස්සෙන් තුවක්කුව ඇතුළු කර එක දිගට වෙඩි කිහිපයක් තබා ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර බසයේ සිටි ‍පොලිස් ආරක්ෂකයා ද වෙඩි කිහිපයක් නාඳුනන තුවක්කුකරු වෙත එල්ල කර ඇති අතර බන්ධනාගාර බස් රථයද නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයින් තම ගිනි අවිය මෝටර් රථයේ සිටි අයට ලබාදෙන අයුරු එම ප්‍රදේශයේ සිටි රථවාහන ‍පොලිස් නිලධාරියකු දැක ඇති අතර ඔවුන් අතින් උණ්ඩ පිරවූ මැගසිනය රෙදි කැබැල්ලක් සමගින් බිම වැටී ඇත්තේ එම අවස්ථාවේදීයි.

යතුරුපැදිය සහ මෝටර් රථය පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයට හරවා ගොස් ඇති අතර සැකකරුවන් ගමන් ගත් මාර්ගයේ තැන් කිහිපයක ‍ලේ බින්දු වැටී තිබූ ආකාරය දැකගන්නට තිබුණු බව ‍පොලිස් නිලධාරීන් පවසනවා.

මෙම වෙඩි තැබිම පාතාලයේ තවත් පිරිසක් සිදුකරන්නට ඇතැයි ‍පොලිසිය සැක කරන අතර ඊට හේතු වී ඇත්තේ දෙමටගොඩ චමින්ද සහ බ්ලූමැන්ඩල් සංඛ අතර කාලයක පටන් ආරවුල් පැවතීමයි.

මීට පෙරද බ්ලූමැන්ඩල් සංඛ, මාකිලංගමුවේ සංජීව සහ ආමි සම්පත් යන පිරිස දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට පැමිණි අතර එහිදී දෙමටගොඩ චමින්දගේ පිරිස අතින් මෝටර් රථය ධාවනය කර පැමිණි සංඛගේ ගෝලයෙක් ඝාතනයට ලක් වුණා.

අනතුරුව සංඛ ඇතුළු පිරිස විදෙස් ගත වූ අතර පසුගිය මහ මැතිවරණයේදී මෙරටට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ රවී කරුණානායකගේ පාගමනක් සඳහා සහභාගි වී සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදීද වෙනත් කාන්තාවක් මිය ගියා. එම පරීක්ෂණයත් දැනට යට ගසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2341772358984850055

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item