අගමැති, මුදල් ඇමති අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළා - අනුර කුමාර විවාදයක් ඉල්ලයි

අයවැය බදු යෝජනා යළි සංශෝධනය කරමින් අගමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ දෙදිනක විවාදයක්‌ අවශ්‍ය බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානාය...

අයවැය බදු යෝජනා යළි සංශෝධනය කරමින් අගමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ දෙදිනක විවාදයක්‌ අවශ්‍ය බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

මීළඟට පාර්ලිමේන්තුව රැස්‌වන 23 සහ 24 යන දින දෙක මේ විවාදය සඳහා ලබා දිය යුතු බවද කී අනුර දිසානායක අගමැතිවරයා මධ්‍යකාලීන අයවැයක්‌ ඉදිරිපත් කළ අතර එවැනිම තවත් අයවැයක්‌ දැන් ඉදිරිපත් කළ බවද කිවේය. රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැයට වූයේ කුමක්‌දැයි දන්නේ නැතැයිද අනුර දිසානායක ප්‍රකාශ කළේය.

2016 අයවැය ඉදිරිපත් කරද්දි රුපියල් බිලියන 8500 ක්‌ ණය පවතින බව ප්‍රකාශ කළද අද වන විට එය රුපියල් බිලියන 9500 ක්‌ බවට අගමැතිවරයා ප්‍රකාශ කිරීම නිසා ණය සීමාව පිළිබඳ ගැටලුවක්‌ පවතින බවද අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මෙයින් පැහැදිලිවන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය තොරතුරු බව යෑයිද කී අනුර දිසානායක මේ සම්බන්ධව දෙදිනක විවාදයක්‌ අවශ්‍ය බවද කීවේය.

මෙහිදී එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ 23 සහ 24 නොව ඊට පෙර එනම් ලබන සතියේ දින දෙකක මෙම විවාදය පැවැත්විය යුතු බවය. අගමැතිවරයා මෙසේ වරින් වර අයවැය යෝජනා සංශෝධනය කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමට බවද හෙතෙම කීය.

අනුර කුමාර දිසානායක යළි අදහස්‌ ප්‍රකාශ කරමින් මෙම විවාදය ඉක්‌මනින් ලබා දෙනවා නම් තමන්ද කැමති බව පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1831010522971358759

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item