පුපුරන ද්‍රව්‍ය රැගෙන ආවේ ප්‍රහාරයකට බව ස්‌ථිරයි - උතුරේ හමුදා ප්‍රධානීහු

ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැර...

ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ අදහස්‌ දක්‌වන උතුරේ හමුදා ප්‍රධානීහු සඳහන් කරති.

ස්‌ථිර වශයෙන් ම මෙම පුපුරන ද්‍රව්‍ය තොගය චාවකච්චේරිය නිවසට රැගෙන ආවේ උතුරේදී හෝ දකුණේදී සිදුකිරීමට සැලසුම් කළ ප්‍රහාරයකට අනුව විය හැකි බව උතුරේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක්‌ පැවැසීය.

මෙම පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි මන්නාරම ප්‍රදේශයෙන් විවාහයක්‌ කරගෙන සිටින පුනරුත්ථාපනය නොවූ ත්‍රස්‌තවාදියකු බව ද යුද හමුදාව අවධාරණ කරයි.

යුද හමුදාව ද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8677057579733273289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item