ජනපති කතා කරද්දින් ලයිට් කපයි - ඉටිපන්දන් එළියෙන් සහතික බෙදයි [VIDEO]
වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ සම්මාන උළෙල ඊයේ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. එහි ප්‍රධාන ආරාධිතයා වූ මෛත්...

https://www.sathhanda.com/2016/03/blog-post_358.html
එහි ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම කතාව සිදු කරද්දී විදුලිය විසන්ධි වීම විශේෂ කරුණක් විය.
විදුලි බල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීමට යෝජිතව තිබුණ ද එසේ නොකරන බව විදුලි බල අමාත්‍යවරයා දිගින් දිගටම පවසා සිටින පසුබිමක එකී උත්සවයේ දී ජනාධිපතිවරයා සිය කථාව අරඹා විනාඩි 10කට පසු විදුලිය විසන්ධි විය.
මෙම අවස්ථායේ දී විදුලි ජනන යන්ත්‍රය ද ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් පැය බාගයක්ම ශ්‍රවණාගාරය අඳුරේ පැවති බව වාර්තා වේ.
උළෙල අතරතුර විදුලි පන්දම් ආධාරයෙන් තිළිණ ද ප්‍රදානය කිරීම සිදු විය.
Related