බස් ගාස්තු වැඩි කරනවා - බස් ගැමුණු
අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට බස් ගාස්තුවල වැඩිවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. අප්‍රේල් මාසයේ දී ස...

http://www.sathhanda.com/2016/03/blog-post_451.html

අප්‍රේල් මාසයේ දී සිදුවීමට නියමිත බදු සංශෝධන හා ඩොලරයේ අගය 149 දක්වා ඉහළයාමත් තම කර්මාන්තයට සෘජුවම බලපාන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
එබැවින් අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට මේ පිළිබඳ නිසි ගණනය කිරීමක් සිදු කර තම යෝජනා මුදල් අමාත්‍යංශයට හා ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව බොහෝවිට බස් ගාස්තු සංශෝධනයක් සඳහා යොමුවීමට සිදුවනු ඇති බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ ය.
Related