ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නාය ගිහින් බන්දුල ගුණවර්ධන

මෑත ඉතිහාසයේ කිසි දිනක නොවුණු ආකාරයට ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දරුණුතම නායයාමට ලක්‌ව ඇති බව ජාත්‍යන්තර පිළිගත් Fitch Rating ආයතනයේ ම...

මෑත ඉතිහාසයේ කිසි දිනක නොවුණු ආකාරයට ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දරුණුතම නායයාමට ලක්‌ව ඇති බව ජාත්‍යන්තර පිළිගත් Fitch Rating ආයතනයේ මූල්‍ය විශ්ලේෂණයකින් හෙළිදරව් කර ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (2 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම හෙළි දරව්වට අනුව ලෝකයේ රටවලට ඇති ණය ශ්‍රේණි 18 න් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් 14 වැනි ස්‌ථානයට වැටී ඇතැයිද සඳහන් කළේය.

මේ අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේදී තිබුණු තත්ත්වයට වඩා පහළට යමින් ඊ + තත්ත්වයේ ඉතාම පහළ නිශේධනාත්මක ලැයිස්‌තුවට අයත් රටක්‌ බවට පරිවර්තනය වී ඇතැයි සඳහන් කළ බන්දුල ගුණවර්ධන එම වර්ගීකරණයට අනුව ලංකාව ජාත්‍යන්තරයේ ඉහළ අවදානම් සහිත රටක්‌ බවට පත්ව ඇතැයිද කීවේය.

ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක්‌ වන ෆිච්රේමින් ආයතනය ප්‍රධාන කරුණු හතක්‌ පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙනු ඇතැයිද ගුණවර්ධන පැවසීය.

රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්‍යqහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්‍ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්‌ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙන බවද බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item