නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් නතර කරන්නැයි යාපනය දිසාපති දන්වයි

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටය...

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිතව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ ඊයේ (27 වැනිදා) පැවැසූහ. වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 414512952580677289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item