කුලියාපිටිය දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති - ඇකයේ සිටීමෙන් ඒඩ්ස් බෝවෙනවා - ඇමති සොයා ගනියි
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා ...

http://www.sathhanda.com/2016/03/blog-post_79.html

දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බවත් ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.
''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.'' යැයි ඇමතිවරයා සඳහන් කළේය.
දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.
''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා'' යැයි හෙතෙම පැවසී ය.
කෙසේවෙතත් මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත.
අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.
අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බව පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව මහතා පවසයි.
මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි.
Related