මහාචාර්ය සරත් විජේසූරියට උදය තේරෙන සිංහලෙන් කියල දුන්න සාහිත්‍ය පාඩම

"අපි දැක්කා පහුගිය සතියේ පුජනීය මදුරුවාවේ සෝභිත හිමියන්ගේ අභිරහස් අපවත් වීම පිළිබද සාධාරණ පරික්ෂණයක් ඉල්ලා ජනාධිපති කොමිසමක් පත් කරන...

"අපි දැක්කා පහුගිය සතියේ පුජනීය මදුරුවාවේ සෝභිත හිමියන්ගේ අභිරහස් අපවත් වීම පිළිබද සාධාරණ පරික්ෂණයක් ඉල්ලා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා කරපු ඉල්ලීමට සධාරන සමාජයක් යැයි කියා ගන්නා උදවිය ප්‍රතිචාර දක්වනවා. මේ අය කියනවා සෝභිත හිමියන් වෙනුවෙන් අද කිබුල් කදුළු හෙලන්නේ එදා සෝභිත හිමියන්ට විරුද්ධ වුණ අයයි කියලා. අපි විරුද්ධ වුණා තමයි උන්වහන්සේ මම පාසල් සමයේ සිට ඉතා සමිපව ආශ්‍රය කරලා තියෙනවා නමුත් උන්වහන්සේගේ ජිවිත කාලයේ අවසාන අවුරුදු කිහිපයේ දේශපාලනයට මම එදත් අදත් විරුද්ධයි." යයි උදය ගම්මන්පිල පවසා සිටියේ අද පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලාස්ථානයේ අද පවතී මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු.

ඒකෙන් කියන්නේ නෑ උන්වහන්සේගේ මතය දරන්න තියෙන අයිතිය උන්වහන්සේට නැතිවෙනවා කියලා. උන්වහන්සේගේ මතයට මම විරුද්ධ වුණත් උන්වහන්සේට ඒ මතය දරන්න තියෙන අයිතිය අපි ගරු කරනවා. උන්වහන්සේට අපිට වඩා වෙනස් මතයක් දරන්න අයිතියක් තියෙනවා වගේම, අපිට වැරදුණා මහත්තයෝ කියලා වෙනස වෙනස් කිරීමටත් අයිතියක් තියෙනවා. උන්වහන්සේ අපිට වෙනස් මතයක් දරද්දී කාගෙන්වත් කරදරයක් සිදුවුණේ නෑ. උන්වහන්සේ අපේ මතයට සමිප වෙද්දී තමයි උන්වහන්සේට ජිවිතය අහිමි වෙන්නේ. 

සරත් විජේසූරිය මැතිතුමන් සාහිත්‍ය පිළිබද මහාචාර්ය වරයෙකු වුවත් එතුමා නොදන්න ඉතා වැදගත් සාහිත්‍ය යෙදුමක් ලෝක සහිතයෙන් හමුවෙනවා. එසේ ලියු කෘතියක සදහන් වෙනවා මා ඔබේ මතයට විරුද්ධ නමුත් ඒ මතය දැරිමට ඇති අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කිරීමට සුදානම්. අන්න ඒ වගේ තමයි අපිට සෝභිත හිමියන්ගේ මතයට විරුද්ධ නමුත් උන්වහන්සේට මතය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි දිවිහිමියෙන් සටන් කරනවා. ඒ නිසා උන්වහන්සේ යම් මතයක් දැරිම නිසා උන්වහන්සේ ඝාතනයට ලක් වුණා නම් ඒ පිළිබද සොයා බැලිය යුතුයි කියන තැන ඉදන් තමයි අපි සටන් කරන්නේ. 

සෝභිත හිමියන් අපවත් කලාය කියන සැකය අපි සමාජයේ මතු කරාම අපේ ඉල්ලීම වුණේ මේ පිළිබදව සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. හැබැයි අණ්ඩුව ඒ වෙනුවට විමර්ශණ කටයුතු රහස් පොලීසියට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා ඔය රහස් පොලිසිය පිළිබදව අපිට කිසිම විශ්වාසයක් නෑ. ඔය රහස් පොලීසියම තමයි එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබදව සුරංගනා කතා ලියලා එවා තමන්ගේ ප්‍රකාශ ලෙස අත්සන් කරන්න රණවිරුවන්ට බල කළේ. ඒ සුරංගනා කතා අත්සන් කරන්න කැමති වුණ අය එළියට දාලා අනෙකුත් හමුදා නිලධාරින් මාස 7ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ රදවා ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඔය රහස් පොලිසියම තමයි සේයා ඝාතනය පිළිබද තවත් සුරංගනා කතාවක් ලියලා එක අත්සන් කරනතුරු රාත්‍රී 12 සිට පාන්දර තුනහමාර පමණ වනතුරු කොළපාට වතුර බටයකින් කොණ්ඩයාට පැය තුනහමාරක් පරහ දුන්නේ. පහරදීම ඉවසා ගන්න බැරුව සුරංගනා කතාවට අත්සන් කරනවා තමන්ගේ ප්‍රකාශයක් විදිහට රටේ වාසනාවට ඩි එන් ඒ පරික්ෂණ තිබුණු නිසා කොණ්ඩයා මේ අපරාධය නොකල බවට විද්‍යාත්මකව තහවුරු කරා. ඩි එන් ඒ පරික්ෂණ නොතිබුණානම් රහස් පොලීසියේ සුරංගනා කතා මත පදනම් වෙලා කොණ්ඩයා එල්ලුම් ගස් යනවා සැබෑ අපරාධකරුවා තවත් ළමා අපචාර කරමින් සමාජයේ සැරිසරනවා. එහෙව් රහස් පොලීසියකට අපි පරික්ෂණ සදහා කිසිදු සහයෝගයක් දෙන්නේ නෑ. ඒ වෙනුවට අපි ජනාධිපතිතුමාට කියනවා ඔබේ දෑතේ ලේ ගෑවි නැත්නම් වහාම සෝභිත නාහිමියන්ගේ අභිරහස් මරණය පිළිබදව ජනාධිපති කොමිසමක් පත් කරන්න වුණේ කුමක් නිසාදැයි ඇත්ත දැන ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න කියලා. 

ආණ්ඩුවට මැතිවරණ ෆෝබියාවක්

ඒ වගේම පළාත් පාලන අමාත්‍ය ෆයිසිර් මුස්ථාපා මහතා මාධ්‍ය හමුවක් තියනවා පළාත් පාලන සීමා නිර්ණයන් පිළිබදව වන අභියාචනා අවසන් කරන තුරු මම මැතිවරණ තියන්නේ නෑ මොකද මට එහෙම තියන්න නීතිමය පදනමක් නෑ කියලා. මේ කතන්දර දෙකම බොරු. සීමා නිර්නය අවසන් කරල වාර්ථාව අත්සන් තබලා ජනපතිට භාර දුන්නේ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා. සීමා නිර්නයන් ගැසට් මගින් ප්‍රසිද්ධ කලේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මේ සම්බන්ධයෙන් අභියාචනා පවතිනිවානම් ඒවා විමසා බැලිය හැකියි. නමුත් අභියාචනා විමසීම මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවේ. 

මේ දිනවල අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය වෙනවා. නමුත් සංශෝධනය සිදුකර අවසන් වන තුරු උසාවියේ නඩු ඇසීම නවත්වා නෑ. 

මැතිවරණ අභියාචනා තිබියදී මැතිවරණ පැවැත්වීමට නෛතික පදනමක් නැතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන විට මම එතුමන්ට අභියෝග කළා මා සමග විවාදයකට එන්න . මා ඔප්පු කොට පෙන්වන්නම් මැතිවරණ කල් දාන්නයි නෛතික පදනමක් නැත්තේ කියලා. එවිට අමාත්‍ය වරයා අධිකරනය ඉදිරියේ පවතින කාරණයක් සම්බන්ධව ප්‍රසිද්ධ විවාදයකට එක්වීම නරකයි කියමින් ඇග බේරා ගත්තා. එසේනම් අධිකරනය ඉදිරියේ පවතින කාරණයක් පිළිබදව මාධ්‍ය හමු තියලා බොරු කීම ඊටත් වඩා නරකයි කියල මම එතුමන්ට සිහිපත් කරන්න කැමතියි. 

ඒ වගේම එතුමන් මාධ්‍ය ඉදිරියට ඇවිදින් කියනවා මේ අවුරුද්දේ ඡන්දය නෑ කියලා. නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන් මැතිවරණ පැවැත්වීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. මේ ආණ්ඩුවෙ ඇමතිවරු මැතිවරණ කොමිසම පඹයෙකුට අන්දලා තියෙනවා. මැතිවරණ කොමිසමේ කාර්යන් කරන්නෙත් අද ඇමතිවරුන් විසින්. මැතිවරණ කල් දැමීමට කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම මේ දක්වා සමත් වී නෑ. මේ දක්වා පලාත් හතරක සීමා නිර්නයන් සිදුකොට අවසන් බව ෆයිසර් මුස්තාපා ඇමතිතුමන්ම පිලිගන්නවා. එසේනම් අවම වශයෙන් එම පලාත් හතරේවත් මැතිවරණය පවත්වන්න පුළුවන්. මොකද ජනපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වගේ පලාත්පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් නෙවෙයි. සීමා නිර්නය අවසන් පලාත් පාලන ආයතන වල ඡන්දය පවත්වන්නට හැකියි. මොකද ලංකාවේ මැත ඉතිහාසයේ කවදාවත් සමස්ථ පලාත්පාලන ආයතනවල මැතිවරණ එකම දවස පවත්වල නෑ. අවසන් පලාත් පාලන මැතිවරණයෙදීත් අවස්ථා හතරකටයි මැතිවරණය පවත්වල තියෙන්නේ. 

සැබෑ තත්වය නම් අද මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට යන්න බයයි. ඔවුන්ට මැතිවරන ෆෝබියාව. මේ ආණ්ඩුව බලයට පත්වූ දා පටන්ම ජනතාවට තිත්ත බේත් පොවපු නිසා ඊලගට එන පලවෙනි මැතිවරනයේදීම ජනතාව සූදානම් ආණ්ඩුවට තිත්ත බේත් පොවන්න. අන්න ඒ නිසා තමයි ආණ්ඩුව මැතිවරන කල් දැමීමට හේතු හොයන්නේ. 

ඇත්ත කියන්නේ කවුද?

මේ දිනවල තවත් ජනප්‍රිය මාතෘකාවක් තියෙනවා. ඒ තමයි වත්තල මන්තීරුව විනාශ කිරීම. අපේ ආණ්ඩුව දැවැන්ත වියදමක් දරා ඉදිකල එම ව්‍යායාම මන්තීරුව මේ ආණ්ඩුව ගලවා විනාශ කරලා තියෙනවා. මෙහි වගකීම පිළිබදව දැන් එකිනෙකාට බෝලය පාස් කිරීමකුයි සිදු වෙන්නේ. ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියනවා චම්පික රණවක ඇමතිවරයාගේ අවසරය යටතේයි මේක කලේ කියලා. රණවක ඇමතිතුමන් කියනවා අපි නම් අවසර දුන් නෑ කියලා. චම්පික ඇමතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක රාමණායක මහතා කියනවා නිවාස සංකීර්ණයක් සදහා පාර පුළුල් කරන්න අපි මේ මන්තීරුව ගලවා ඉවත්කරන්න තීරණය කලා කියලා. දැන් ජෝන් අමරතුංග ඇමතිතුමන් හා ධනුෂ්ක රාමනායක මහතා යන දෙදෙනාම කියද්දී මෙය මෙගා පොලිස් අමාත්‍යංශයේ අවසරය අරගෙනයි සිදුකලේ කියලා චම්පික ඇමතිතුමන් කියනවා අපි නම් අවසර දුන්නෑ කියල. තුන්දෙනාගෙන් දෙන්නෙක්ම කියන නිසා තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් රණවක ඇමතිතුමන් මේ සදහා අවසර දුන්නා යැයි නිගමනය කරන්න සිදුවෙනවා. 

හෙළ උරුමය පසුගිය සමයේ අනුගමනය කල දේශපාලන ක්‍රම වේදය ඕකයි. තමුන්නාසේලාට මතක ඇති කථිකාවත් පනත ගෙන ආවාම ජාතික හෙළ උරුමයේ නායකයන් ඊට පක්ෂවයි අදහස් දැක්වූයේ. අපි හැමෝගෙන්ම බැනුම් අසමින් අධිකරණය ඉදිරියට ගිහින් මේ පනත නිරුවත් කලාට පස්සේ හෙළ උරුමය කථිකාවත් පනතට එරෙහිව සංඝ සම්මේලනයක් පැවැත්වූවා. සතියක් ඇතුලත මැරිල ඉපදුනා වගෙයි දේශපාලණය කලේ. 

අපි මේ ආණ්ඩුවේන් ඉල්ලීමක් කරනවා. ඔබ අළුතින් මන්තීරු නොහැදුවාට අපි ඔබත් එක්ක තරහා නැහැ. ඒත් ඔබ ගිය ආණ්ඩුව සෑදු මන්තීරු විනාශ නොකර ඉන්න. ඒ වගේම මේ මන්තීරුවල ජනතාව ඇවිදින ගමන් රාජපක්ෂවරු වර්ණනා කරාවි යන බයටද මේවා විනාශ කරමින් ඒ යුගයේ සංවර්ධනය ජනතාවට ඇස නොගැටෙන සේ ඉවත්කරන්නට උත්සහා කරන්නේ කියලා අපි මේ රජයෙන් විමසනවා. 

මේ හරහා තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේ දිනවල ආණ්ඩුවට විරුද්ධ දේශපාලකයන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන ඇප නොදී තබාගන්නේ රාජ්‍ය දේපල අපහරණය යටතේයි. රටේ නීතිය අනුව රු 25 000 වැඩි පොදු දේපලක් අවභාවිතය කලොත් විනාශ කලොත් මහේස්ත්‍රාත් වරයෙකුට ඇප ලබා දෙන්න බෑ. නමුත් වත්තලදී කෝටි 8ට පමණ වටිනාකමක් ඇති පොදු දේපලක් වන මෙම ව්‍යයාම මන්තීරුව විනාශ කරලත් මීට සම්බන්ධ කිසිවෙකු අත් අඩංගුවට ගෙන නෑ. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ බැකෝ රථයක් පමනයි. අඩුම තරමින් එහි රියදුරාවත් අත්අඩංගුවට ගෙන නෑ. 

රජ්‍ය දේපල අපහරණය කලාම ඇප නැතිවෙන්නේ ආණ්ඩුවට විරුද්ධ අයට පමනක්ම දැයි අපට ප්‍රශ්නයක් පැණ නගිනවා. 

ඒකාබද්ධ විපක්ෂය අන්තර් පාර්ලිමේන්තු සංගමය හමුවට

අද දින ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමත්, මමත් බන්දුල ගුණවර්ධන මැතිතුමාත් ශ්‍රි ලංකාවෙන් නික්ම යනවා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චුන්ගම් මහතාව (Martin Cunningham) හමුවන්නට ස්ව්ස්ටර්ලන්තයට. මාර්තු 31 වෙනිදා උදැසන 11ට තමයි අපිට හමුවීම ලබා දීලා තියෙන්නේ. අපි ඉදිරිපත් කරන පෙත්සමේ වර්තමාන කථානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කරන අසාධාරණ කම් ගැන අපි විස්තර කරලා තියෙනවා. 

අංක ගණිත ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 52ක් සිටියදී මන්ත්‍රීවරු 16ක් සිටින දෙමළ ජාතික සන්ධානට විපක්ෂ නායක ධුරයත් මන්ත්‍රීවරු 6ක් පමණක් සිටින ජවිපෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දීම.

පාර්ලීමේන්තුවේ අපිට කතා කිරීමට කාලය ලබා නොදීම - අයවැය විවාදේදි තමුන්නාසේලා දැක්කා 52ටත් පැයයි. හයදෙනාටත් දවසට පැයයි. 

කමිටුවල නිසි නියෝජනයක් ලබා නොදීම - අපි කෝප් එක ගත්තොත් ජවිපෙ 6න් 4ක් ඉන්නවා සභාපතිකමත් ජවිපෙට. අපේ 52කටම අවස්ථා 2යි. 

පක්ෂ නායකයන් විදිහට අපිට පිළිගැනීමක් නොමැති වීම - අනුර කුමාර මන්ත්‍රීතුමන් දිනපතා කරන විශේෂ ප්‍රකාශ කිරිම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයින්ට නැති වෙලා තියෙනවා. 

අපි ප්‍රශ්නයක් ඇහුවම පිළිතුරු දෙන්න කල් ලබා ගැනීම - අපි නොවැම්බර් දෙසැම්බර් ලබා දුන්න ප්‍රශ්න වලට තමයි මාර්තු මාසේ උත්තර දෙන්නේ. උත්තරය ගන්න අපි පාර්ලීමේන්තු ගියාම උත්තර දෙන්න විශය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු එන්නෙත් නෑ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා නැගිටලා තව මාසයක් ලබා දෙන්න කියලා කල් ඉල්ලා ගන්නවා. ඒ අනුව ප්‍රශ්නයේ තියෙන අදාල භාවය කාලයත් එක්ක විනාශ වෙනවා. 

කෙහේද යන්නේ ඇහුවම මල්ලේ පොල් උත්තර ලබා දීම - අගමැතිතුමා ලබා දෙන ආදර්ශය අනුව යමින් සාතිත්‍ය බහුතර ඇමතිවරුන් කොහෙද යන්නේ කියලා ඇහුව මල්ලේ පොල් කියලා තමයි උත්තර දෙන්නේ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී නැගිටලා කියනවා ප්‍රශ්නෙට දෙන උත්තරය අදාලද නැද්ද කියලා ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. දෙන පිළිතුර භාර ගන්න ඔනේ. අපි එතුමගෙන් අහනවා ඉන්දියානු මහ මාර්ග අමාත්‍ය නිතින් ගට්කාරි (Nitin Gadkari) ශ්‍රිලංකාවේ අගමැතිවරයා ඉන්දීයාවේ සංචාරය කරන අතරේ හනුමා පාළමක් ඉදිකරනවා කියලා තීරණය කරා කියලා ඉන්දියානු පාර්ලිමේන්තුවට කියනවා. අපේ මහාමාර්ග ඇමතිවරයා එහෙම තින්දුවක් නෑ කියලා අපේ පාර්ලීමේන්තුවට කියනවා. මේ දෙකෙන් මොකක්ද ඇත්ත කියලා. එතුමා එහෙම ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා කියන්න ඔබතුමා හින්දි දන්නවාද කියලා අහනවා. මටත් කියන්න තිබුණා දිල් තෝ පාගල් හේ කුෂ් කුෂ් හෝතාහේ එතුමා කවටයෙක් වන මට්ටමටම මටත් කවටයෙක් වෙන්න බෑ. කොළඔ දිස්ත්‍රික්කයේ ජනතාව එක් ලක්ෂ අනුනවදහක් මනාප දීලා පාර්ලිමේන්තු යැව්වේ ඒ ජනතාවගේ ගෞරව රැකිමේ වගකීමක් මට තියෙනවා. එක නිසා මට සිද්ධ වුණා අගමැතිතුමාට විහිලු සැපයුවාට බොහෝම පිං කියලා වාඩිවෙන්න. එතුමා අහන ප්‍රශ්න වලට හරියට උත්තර නෙදෙන බට මේක හොදම උදාහරණයක්. නිතින් ගට්කාරි (Nitin Gadkari) පාර්ලීමේන්තුවේ කිව්වේ මොනවාද කියලා දැන ගන්න හින්දි දැන ගන්න ඕනේ නෑ හැන්සිඩ් වාර්තාවේ හින්දි භාෂාවට අමතරව ඉංග්‍රිසි භාෂාවෙන්ද තියෙනවා. ලංකාවේ සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම තියෙනවා. මමත් තොරතුරු හොයා ගත්තේ ඉන්දියාවේ හැන්සාඩ් වාර්තා පරික්ෂා කරලා අන්තර්ජාලය මගින්. මුලින්ම ඉන්දියන් එක්ස්ප්‍රස් (indian express) පුවත් පතෙන් තමයි මම කතාව බලාගත්තේ. අපි ඉංග්‍රිසි නෑ කියමු එකට තමයි අපි තනාපති කාර්යාලයක් තියලා තියෙන්නේ. අගමැතිතුමාට මෙහෙම ප්‍රකාශයක් කරාද නැද්ද යන්න දැන ගන්න පාර්ලීමේන්තුවේ නිතින් ගට්කාරි (Nitin Gadkari) ඇමතිතුමා කල කතාව හින්දි භාෂාව පරිවර්තනය කරන්න එකම එක නිලධාරියෙක්වත් ඉන්දීයාවේ තියෙන ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ නැතිනම් මොකක්ද මේ රජත්‍රාන්තික වෙනසක් ඇති කලා තියන්නේ. මුල් කාලයේ නම් අපිට බැන බැන ඉන්න තිබුණා දැන් මාස 15ක්ම ගතවෙලා දැන් ඉතින් අපිට බනිනවා වෙනුවට හරි නිලධාරින් බදවා ගෙන නෑ කියමුකෝ ඔවුන්ට පුළුවන් බදවා ගන්න. විදේශ සේවයේ අනිවාර්යයෙන් විශාල පිරිසක් ඉන්නේ ක්‍රොන්තාත් පදනමට. අපේ ආණ්ඩුවෙන් පත්කරලා සිටිය අය ඔක්කෝමලා මේ අය අස්කරා. එතුමන්ලා අරන් තියෙන්නේ චීනයට යවන්නේ මැන්ඩරින් බැරි අය ද, ඉන්දියාවට යවන්නේ හින්දි බැරි අයද, ලංකාවේ ජනග්‍රහනයෙන් 10% වැඩිය හින්දි පුළුවන්. හින්දි ඉගෙන ගන්නේ බෝහෝ දෙනෙක් සේවයට යන්න නෙවෙයි හින්දි චිත්‍රපට තේරුම් ගන්න. සමහරුන්ට හින්දි චිත්‍රපට බලලම හින්දි පුළුවන්. අගමැතිතුමාට හින්දි බැරිනම් කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු ඉන්නවා හින්දි භාෂාව ඉගෙන ගන්න මම කියන්නෑ එතුමාට ගිහින් හින්දි ඉගෙන ගන්න කියලා කථිකාචාර්යවරුගේ සේවය අරගෙන හරි නිතින් ගට්කාරි (Nitin Gadkari) එතුමා ගැන මොකද කිව්වේ කියලා සොයා බලන්න වෙනවා. ඒ ප්‍රකාශය කරලා මාස 4ක් වෙද්දිත් අගමැතිතුමාගේ නම කියලා ප්‍රකාශ කරපු ප්‍රකාශ මොකක් ද කියලා හොයාගෙන නැත්නම් අනේ අපේ විදේශ සේවයට බුද්ධං සරණේ සරණයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. 

තොරතුරු දැන ගැනීමේ පනත හරහා නැතිවෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය

ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය නමින් පනතක් ගෙනල්ලා ඒ ගැන ප්‍රීති ඝෝෂා නැගුවත් සැබැවින්ම මේ හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීමේ උත්සහයක නිරතව සිටිනවා. මේ පනතට එරෙහිව ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මැතිතුමන් අද දිනයේ හෝ හෙට දිනයේ අධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට නියමිතයි. ආණ්ඩුව එලබෙන ද්වි පාර්ශවීය බහු පාර්ශවීය ජ්‍යාත්‍යන්තර ගිවිසුම් මේ පනතින් හෙලි නොකෙරෙන තොරතුරක් බවට පත්වෙනවා. මොකක්ද මේකෙන් සිදුවෙන්නෙ. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලාට පස්සේ අපි දන්නව ඒකෙ මොක්ක්ද තිබුනේ කියලා. ඒ දන්න නිසා තමයි අපි පාරට බැහැලා එයට විරුද්ධ වුනේ. 

හැබැයි මේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත උනොත් මේ පනතින් ද්වී පාර්ශවික ජ්‍යත්‍යන්තර ගිවිසුම් පිළිබදව. බහු පාර්ශවික ජ්‍යත්‍යන්තර ගිවිසුම් පිළිබදව තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට නීතියෙන්ම තහනම් කරනවා. ඉන්දියාව සමග අත්සන් තබන එක්ටා ගිවිසුමත් ද්වී පාර්ශවික ජ්‍යත්‍යන්තර ගිවිසුමක්. එම ගිවිසුමේ තියෙන දේවල් හෙළි නොකර සිටීමට ආණ්ඩුවට අයිතියක් ලැබෙනවා මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා. 

මේ පනතේ නම තොරතුරු දැනගැනීමේ පනත උනත් එහි අරමුණ දැනගැනීමට ඇති තොරතුරු අහිමි කිරීමයි. මේ තත්වය අතිශයෙන්ම භයානකයි. ජනතාවට තොරතුරු දැන ගැනීම ඇති අයිතියත් මෙවැනි පනතක් හරහා අහෝසි කිරීමට දරන උත්සහය හරදා අද ලංකාව භයානක ඒකාධිපතිවාදයක් දක්වා ගමන් කරමින් ඉන්න බවනම් ඉතාම පැහැදිලියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2169596598884467012

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item