දූෂණ වංචා කොමිසමේ ලේකම් ඉවත් කළේ ඇමැති දෙපළකගේ බලපෑමට - මෙන්න විස්තරේ
බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා හදිසියේ එම ධුරයෙන් ඉවත් කර ඇත්තේ ඔහු ඉවත් නොකළොත් තමන්...

https://www.sathhanda.com/2016/03/blog-post_81.html
මේ ඇමතිවරුන් දෙදෙනා නියෝජනය කරන පක්‍ෂ ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂවේ. මෙම එක් ඇමතිවරයෙකු බේරුම් කරණ මධ්‍යස්‌ථානයක් පිහිටුවීමට සම්බන්ධ රුපියල් කෝටි 150 ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් අදාළ ජනාධිපති කොමිෂන් සභාව මගින් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබිණ.
අනෙක් ඇමතිවරයා විසින් රටේ සහල් අස්‌වැන්න තිබියදී මහා භාණ්‌ඩාගාරයේ දැනුම් දීම් නොසලකා සහල් මෙට්‍රික් ටොන් අනූනව දහසකට අධික ප්‍රමාණයක් ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ කොමිසම මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.
මෙම පරීක්‍ෂණ කටයුතු නවතා දමන ලෙස අදාළ ඇමතිවරුන් දෙදෙනා දිගින් දිගටම මෙම කොමිසමට හා රජයේ පුද්ගලයන්ට බලපෑම් කරන ලදී.
එම බලපෑම් නොසලකා හරිමින් අදාළ පරීක්‍ෂණ කටයුතු දිගටම කරගෙන යාමට ලැසිල් ද සිල්වා පියවර ගෙන තිබිණි.
ඉන්පසුව රජයේ ඉහළම බලධාරීන් හමු වී ඇති මේ ඇමතිවරුන් දෙදෙනා කොමිසමේ ලේකම්වරයා වහාම ඉවත් නොකරන්නේ නම් තමන් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවට දැනුම් දී තිබේ.
මේ අවස්‌ථාවේ එවැන්නක් සිදු වුවහොත් රජයේ පැවැත්මට හානි කර බැවින් ලේකම්වරයා ඉවත් කර ඇත්තේ ඉන් අනතුරුවය.
අදාළ ඇමතිවරුන් දෙදෙනා වර්තමාන රජයේ මෙන්ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේද ප්‍රබල ඇමතිවරුන් ලෙස කටයුතු කළ අය වෙති.
Related