රටේ ආර්ථිකය භයානක තත්වයක. - ජනපති අද හදිසියේ ඇමති මණ්ඩලය කැඳවයි
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (04) සවස 3.00ට විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය ක...

http://www.sathhanda.com/2016/03/blog-post_86.html

විශේෂයෙන්ම පසුගිය රජය සමයේදී ලබාගත් ණය ප්‍රමාණය සහ ඒවා පියවීම සඳහා ගත හැකි පියවර මොනවාද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී වැඩ බලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ඒ පිළිබඳව මෙසේ අනාවරණ කළේය.
“මේ ගැන සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් තියන්න තීරණයක් ගත්තා. අද වෙද්දි ආර්ථිකය බොහොම භයානක තත්ත්වයක් තියෙන්නේ. මොකද අපිට ලැබුණේ හිස්වුණු භාණ්ඩාගාරයක්.“ යැයි හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.
“ගෙවන්න තියෙන ණය මුදල පිළිබඳව හොයා ගැනුණෙත් මෑතකදී කියලයි මුදල් ඇමැතිතුමා කිව්වේ. යථාර්ථය ඉදිරියේදී පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මේ අවුරුද්දෙ ගෙවිය යුතු ණය ප්‍රමාණය දන්නවා. නමුත් ඒවා කෙටි කාලීන ණය විතරයි. ඩොලර් බිලියන ගාණක ණයක් ගෙවන්න තියෙනවා“ යැයි හර්ෂ ද සිල්වා පැවසී ය.
Related