තෙල් මිල පහත දමන්න බැහැ - ඇමැති චන්දිම වීරක්‌කොඩි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස පහළ වැටුණ ද මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව මුහුණ දී සිටින රුපියල් බිලියන ගණනක් වූ අධික ණය බර හමුවේ...

https://www.sathhanda.com/2016/03/blog-post_945.html
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස පහළ වැටුණ ද මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව මුහුණ දී සිටින රුපියල් බිලියන ගණනක් වූ අධික ණය බර හමුවේ මෙරට ඉන්ධන මිල පහත දැමීමක් එකවරම සිදු කළ නොහැකි බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි පැවසීය.
බොරතෙල් මිල ලෝක වෙළෙඳ පොළේ ශීඝ්‍ර ලෙස පහළ වැටුණ ද ඊට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල පහත දැමීමට හා මිල සූත්‍රයක් ගෙන ඒමට රජය කටයුතු නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් ඇමැතිවරයාගෙන් සිදුකළ සෘජු ප්‍රශ්න කිරීමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
අද ඛනිජ තෙල් සංස්‌ථාව මුහුණදී සිටින මෙම ගැටලුකාරී තත්ත්වය සංස්‌ථාවට පමණක් නොව රටේ සමස්‌ත ආර්ථිකයටම බලපෑම් එල්ල කරන තරමේ එකක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
Related