රන්ජන්ගේ තුට්ටු දෙකේ HIV රඟපෑම
රන්ජන් රාමනායක හෙවත් one shot එක්තරා සමාජ පන්තියක් අතර ජනපි‍්‍රය නළුවෙකි. ඔහු තමන්ගේ මාමා විජය කුමාරතුංග තරම් ජනපි‍්‍රය හෝ හොඳ නළුවෙක් නොවන...

http://www.sathhanda.com/2016/03/hiv_9.html

කුලියාපිටියේ බෝහන්දියේ සිදු වු මේ ආරවුල ජනමාධ්‍යයන්ට නම් විකිණිය හැකි උණුසුම් ප‍්‍රවෘත්තියකි. සමාජ ජාල වෙබ් අඩවි වල බ්ලොග් ලියන්නන්ටද, post දමන්නන්ට ද විවේචනය කරන්නට, අපහාස කරන්නට, අවවාද දෙන්නට හොද තේමාවකි. රාජ්‍ය නොවන සංවිධාන වලට පිට රටින් Funds ලබා ගන්නට හොද ඉල්ලමකි. ශී‍්‍ර ලංකාව මීනී කන්නන්ගේ දේශයක් බව සිතන බටහිර රටවල විවේචකයන්ටද අපේ රටට මඩ පහරවල් එල්ල කරන්නට හොද මාතෘකාවකි. පවතින රජයටද මේ වෙලාවේ වාසියකි. ඒ රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් වී, මේ පුංචි දරුවාගේ කතාව රටේ ජාතික ප‍්‍රශ්නයක් දක්වා දුර දිග යන බැවිනි. වන් ෂොට් ගේ මාධ්‍ය සංදර්ශනය ඒ වෙනුවෙනි. මේ පිළිබද අපුරු කාටුනයක් ලංකාදීප පත‍්‍රයේ තිබුණි. ඒ තලංගම ජයසිංහ ගේ ”A තුමා” නම් වු කාටුනයයි. එහි දී ”A තුමා” නම් දේශපාලකයා ඔහුගේ ගෝලයා වන සිරා ද මේ සිදුවීම ගැන කතා කරමින් සිටිති.
A තුමා:- රන්ජන් රාමනායක ඒඩ්ස් නැති ඒ දරුවව තාත්තා කෙනෙක් වගේ වඩාගෙන ඉන්න හැටි උඹ දැක්ක ද?
සිරා:- ඒ වුනාට සර් නම් ඔය වැඩේ කරන්න යන්න එපා!
A තුමා:- ඒ මොකෝ බොල ඒ
සිරා:- අම්මෝ සර්ට තියෙන ලෙඩ ඒ දරුවට බෝ වෙයි.
තලංගම, මේ කාටුනය අදින අතරේ ඔහුට රන්ජන් රාමනායකගේ රූපය - ”A තුමා” ට සමාන වී මැවී පෙනෙන්නට ඇත.
රන්ජන් මෙන්ම A තුමා ලෙස මැවී පෙනෙන තවත් ඇමතිවරයෙක් සිටී. ඒ කුලියාපිටියේ ඇමති අකිල විරාජ් කාරියවසම්ය. දරුවා මව සමග එකට නිදා ගන්නා නිසා දරුවා මවගෙන් වෙන් කොට පරිවාස නිවාසයකට භාර දෙන බව අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රකාශයයි. දරුවා සංඝබෝධි පාසලට ගන්නට එපා යයි විරෝධය පල කරන මුග්ධ, පිරිසගේත් මේ ඇමතිවරයාගේත් වෙනසක් නැත.
දැන් මේ දරුවාට උදව් කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වන බව වාර්තා වේ. සුපිරි පාසලක් වන ටි‍්‍රනිටි විදුහල ද, ගම්පොළ සහිරා විදුහලද දරුවා තම පාසලට භාර ගන්නට කැමති බව කියති. එංගලන්තයෙන්ද දරුවාටත් මවටත් එරටට පැමිණෙන්නට ඇරයුම් කොට ඇති බව කියැවේ. ජනපති මෛතී‍්‍රගෙන් පසු තරගයට මෙන් ඉදිරිපත් වන අගමැතිවරයාද, දරුවාට ආනන්ද විද්‍යාලය හෝ ති‍්‍රත්ව විද්‍යාලය ලබා දෙන ලෙස නියෝග කොට තිබේ. අපේ රටේ මාධ්‍ය හා දේශපාලන සංදර්ශන නිසා මේ කොතැන ගියත් ඒ අහිංසක දරුවගේ ජීවීතයටත්, මවගේ ජීවිතයටත් මැකිය නොහැකි කළු පැල්ලමක් එකතු වී ඇති බව කිසිවෙකුට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි.
Related