ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි

  බෙල්ජියමේ, බ්‍රසල්ස්හි අද(22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....

 ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි 
බෙල්ජියමේ, බ්‍රසල්ස්හි අද(22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙල්ජියමේ, බ්‍රසල්ස්හි ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වූ ප්‍රදේශවල කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට තොරතුරක් ලැබී නැති බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය නම් 003223445585 හෝ 0032471872745 වන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා කියයි.

මේ අතර බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපළ සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට අද එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බෙල්ජියම් රජු වෙත ශෝකය පළ කර ඇති බව ජනපති මාධ්‍ය අංශය කියයි.

විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම නිවට හා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය අසා තමන් කම්පා වට පත්වූ බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6029259600874751880

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item