පා. ච. රණවකගේ වාහනයේ හැපී දෙකක් රෝහලේ - පසුව පොලිසියට බාරවූ රියැදුරුට ඇප (PHOTO)
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට අයත් නිසාන් වර්ගයේ ජීප් රථයක් නිසා යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් අනතුරට ලක් වූ පුවතක් වාර්තා වනවා....

https://www.sathhanda.com/2016/03/photo.html
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට අයත් නිසාන් වර්ගයේ ජීප් රථයක් නිසා යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් අනතුරට ලක් වූ පුවතක් වාර්තා වනවා.
රාජගිරිය ජනාධිපති විද්‍යාලය ආසන්නයේ දී අනතුර සිදුව ඇති අතර රියදුරු විනාඩි දහයක කාලයක් තුළ බොරැල්ල පොලිසියට බාරවී තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ තරුණයන් රෝහල්ගත කර ඇති අතර එක් තරුණයෙකුට අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.
ජීප් රථයේ රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5ක ඇප මත මුදාහැර ඇති අතර රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.
මෙහි පරීක්ෂණ පවත්වන්නේ වැලිකඩ පොලිසියයි.
එහෙමත් මාධ්‍ය වාර්තා කලේ මේ අවස්ථාවේ රථය ධාවනය කලේ චම්පික රණවක අමාත්‍යවරයාය විසින් බවත් ඔහු අනතුරින් පසුව නොනවත් ධාවනය කරද්දින් අවට පිරිස පස්සෙන් පන්න ගොස් රථය නැවත්වීමට කටයුතු කර ඇති බවය.
අනතුරට පත් ජීප් රථයේ සහ යතුරු පැදියේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Related