වව්නියාව ත්‍රිකුණාමලය මාර්ගය අවහිරයි - උද්ඝෝෂකයින් පාරේ නිදි (PHOTOS)

වසර 30කට අධික කාලයක් වව්නියාව, කැලෑබෝගස්වැව මහකච්චකොඩිය ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන ප්‍රධාන මාර්ගය කිසිදු පිලිසකර කිරීමක් නොකිරීම හේතුවෙන් එ...

වසර 30කට අධික කාලයක් වව්නියාව, කැලෑබෝගස්වැව මහකච්චකොඩිය ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන ප්‍රධාන මාර්ගය කිසිදු පිලිසකර කිරීමක් නොකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සියලු බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් එක් ව අද (25) වව්නියාව හොරොව්පතාන හා ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකයින් මාර්ගයේ නිදාගත් අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට ද දැඩි සේ බාධා සිදු විය.

මාමඩුන, නෙඩුන්කුලම, මහකච්චකොඩිය හා කැලෑබෝගස්වැව ඇතුළු සිංහල දෙමළ ගම්මාන රැසකට පිවිසෙන මෙම ප්‍රධාන මාර්ගය දශක තුනකට අධික කාලයක් පිළිසකර නොකිරීම හේතුවෙන් මේ වනවිට මාර්ගයේ ගමන් කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.

එසේ ම කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසකට දූවිලි හේතුවෙන් ශ්වසන රෝග ඇතුළු රෝගී තත්ත්වයන් වැළඳී ඇති බවට ද උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්, 











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6788142623890276208

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item