අතලොස්සකට දුන් බදු සහන නිසා බිලියන 100ක පාඩුවක්

වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කරන අතරේ රජය විසින් මහා පරිමාන සමාගම් අතලොස්කට බදු සහන දීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවෙන...

වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කරන අතරේ රජය විසින් මහා පරිමාන සමාගම් අතලොස්කට බදු සහන දීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවෙන බව මව්බිම ලංකා පදනම පවසයි.

ඒ අනුව දුම්වැටි මිල රුපියල් 5කින් වැඩි කළද එයින් රුපියල් දෙකක් සමාගමේ ලාභයට බැරවෙන හෙයින් වසරකට රජයට රුපියල් මිලියන 7000ක් බවත්, එතනෝල් මධ්‍යසාර ආනයනයේදී එතනෝල් ලීටරයකට පනවා තිබූ රුපියල් 200ක විශේෂ බද්ද රුපියල් 10ක් දක්වා අහිමිවීමෙන් රජයට මිලියන 4000ක ආදායමක් අහිමිවන බවද එම සංවිධානය කියයි.

මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායකගේ අත්සනින් යුතුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කොට ඇති ලිපියේ තවදුරටත් සඳහන් වෙන්නේ තොරාගත් බියර් නිශ්පාදන සමාගමකට ලබාදී ඇති බදු සහනය හෝතුවෙන් රටට වසරකට රුපියල් මිලියන 18000ක්ද, සීනි ආනයනකරුවන්ට ලබාදෙන බදු සහනයෙන් වසකරට රුපියල් මිලියන 20000ක පාඩුවක්ද, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන මත පනවා තිබූ සෙස් බද්ද ඉවත්කිරීමෙන් රජයට රුපියල් මිලියන 10000ක පාඩුවක්ද, තිරිගු පිටි සඳහා බදු සහන ලබාදීමෙන් රජයට මිලියන 33000ක්ද අහිමිවන බවයි. මේ අනුව මහා පරිමාන සමාගම් කිහිපයකට පමණක් බදු සහන දීමෙන් වසරකට රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් රජයට සිදුවෙන් බව එම සංවිධානය කියයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1374716936386729385

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item