කුඩු නැවේ මෙහෙයුම් ලොක්කා හිටපු පොලිස් නිලධාරියෙක්

හෙරොයින් කිලෝග‍්‍රෑම් 110 ක් සමග අත්අඩංගුවට ගැණුනු විදේශීය සැකකරුවන් 14 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු...

හෙරොයින් කිලෝග‍්‍රෑම් 110 ක් සමග අත්අඩංගුවට ගැණුනු විදේශීය සැකකරුවන් 14 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.

මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ අදාළ සැකකරුවන් තිදෙනා මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි. මත්කුඩු තොගය ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීම සදහා මුදල් ලබාදුන් ප‍්‍රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මත්කුඩු තොගය ශී‍්‍ර ලංකාවට රැගෙන එමින් තිබුණේ ඉරානයට අයත් නෞකාවකින්. මත්කුඩු තොගය රැගත් පකිස්තානු ජාතිකයා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අධිවේගී බෝට්ටුවකින් පැමිණ මෙම නෞකාවට ඇතුළු වී තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව දකුණු මුහුදේදී නාවික හමුදාවේ සහාය ඇතිව අදාළ නෞකාව වටලනු ලැබුවා.

එම අවස්ථාවේ නෞකාවේ සිටි විදේශිකයන් 11 දෙනෙකුද අත්අඩංගුවට ගැණුනා. පසුව ඔවුන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ජාවාරමට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනේ මීගමුව ප‍්‍රදේශයේදීයි. ඔවුන්ගෙන් එක් අයෙකු සිංගප්පූරු ජාතිකයෙකු වනවා. ඔහු අදාළ මත්කුඩු තොගය සහිත නෞකාව ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සදහා මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. එමෙන්ම ඔහු සිංගප්පූරුවේ පොලිස් නිලධාරියෙකු ලෙසද කලක් කටයුතු කර තිබෙනවා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2876216623261403796

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item