ජනතා පරමාධිපත්‍යට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව වියතුන් නඩු මගට

වත්මන් රජයේ මැති – ඇමතිවරුන් ජනතා අභිලාශයන්ට එරෙහිව පත්කර ඇති බව පවසමින් ‘වියතුන්ගේ හඬ’ සංවිධානයට අයත් අයවළුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය...



වත්මන් රජයේ මැති – ඇමතිවරුන් ජනතා අභිලාශයන්ට එරෙහිව පත්කර ඇති බව පවසමින් ‘වියතුන්ගේ හඬ’ සංවිධානයට අයත් අයවළුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් අද දින ගොනු කිරීමට කටයුතු කර ඇත.

මෙම පෙත්සම මගින් ඔවුන් ප්‍රකාශ කර සිටිනුයේ වත්මන් රජයට 70 කට අධික ඇමති සංඛ්‍යාවක් පත්කිරීම උදෙසා කිසිසේත් නීත්‍යානුකූල වලංගු භාවයක් නොමැති බවය.

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, නීතීඥ කණිෂ්ක විතාරණ ඇතුළු නීතීඥ මඩුල්ලක් මගින් ගොනුකර ඇති මෙම නඩුවේ මූලික පදනම වී ඇත්තේ, මෙම රජය සභාගි රජයක් මිස ජාතික රජයක් ලෙස කිසිසේත් ව්‍යවස්ථානූකූලව අර්ථකථනය කල නොහැකි බවත්, ඒ අනුව 70 ක් ඉක්මවා ඇති ඇමති සංඛ්‍යාව කිසිසේත් පිළිගත නොහැකි බවත්ය.

ජනතාව විසින් තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ දී ජාතික ආණ්ඩුවක් සඳහා තම ඡන්දය භාවිතා නොකල අතර මෙම ආණ්ඩුවේ සංයුතිය ජාතික ආණ්ඩුවක සංයුතියක් ලෙස ව්‍යවස්ථාවේ 46(5) වගන්තියට අනුව වලංගු නැති බවය. එසේ හෙයින් මෙම පැමිණිල්ලේ පෙත්සම්කරුවන් කියා සිටිනුයේ මෙම ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යට එරෙහිව මෙම පත්වීම් කර ඇති බැවින් ජනතා අභිලාශයන් සැහැල්ලුවට ලක්කර ඇති බවත් මෙම පැමිණිල්ල කරනුයේ සියළුම ඡන්දදායකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ මහජන අවශ්‍යතාවයක් මත බවත්ය.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් වශයෙන් කිරිබත්ගොඩ කැළණිය පදිංචි මාහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතාත්, තළවතුගොඩ පදිංචි රෙයාර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතාත් පෙනී සිටීති.

මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු වන අතර ඔහු කලක් ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක ශක්ති අධිකාරීය, මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය ආදි වගකිවයුතු ආයතන ගණනාවක සභාපති වශයෙන් ද, ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද, වසර ගණනාවක අවංක සේවයේ යෙදී සිටි අයෙකි. සරසවි අධ්‍යන කාර්ය මණ්ඩලයේ වසර 40 කට ආසන්න කාලයක් සේවය කර ඇති මොහු දිවයිනේ සිට්න දක්ෂ වෛද්‍ය පර්යේෂකවරයෙකි.

රෙයාර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35කට ආසන්න කාලයක් සේවය කරමින් ත්‍රස්තවාදය මර්ධනයට විශාල මෙහෙවරක් කල අයෙකි. මොහු සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීමේ මූලික කාර්යය භාරය ඉටුකල අතර එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයා ද විය. පසුව දිගාමඩුල්ල දිස්ත්‍රිකයෙන් ජනතා ඡන්දයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී සිටින අතර උප ඇමති ධූරයන් ද දැරීය. සැබෑ ජාති හිතෂෙයකු වන මොහු දක්ෂ කාව්‍ය ප්‍රබන්ධක, කලාකරුවෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදවරයෙකු ද වේ.

පැමිණිලිකරුවන් දෙදෙනා වන මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතාත්, රෙයාර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතාත් කොළඹ ආනන්ද මහා විද්‍යාලයයේ දීර්ඝ කාලීන පන්ති මිතුරන් වීම සුවිශේෂ කරුණකි.

– වියතුන්ගේ හඬ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7720612529121204097

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item