ඝාතනයට ලක් වු මළ සිරුරු දෙකක් සෙල්ලකතරගම ඇළක [Updated]

සෙල්ලකතරගම ඇළක තිබි ඝාතනයට ලක් වු බව කියන මළ සිරුරු දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි. අඟහරුවාදා (5) රාත්‍රියේ සෙල්ල කතරගම බුත්තල මාර්ගය...

සෙල්ලකතරගම ඇළක තිබි ඝාතනයට ලක් වු බව කියන මළ සිරුරු දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.

අඟහරුවාදා (5) රාත්‍රියේ සෙල්ල කතරගම බුත්තල මාර්ගයේ විදුලි වැට ආසන්නයේ අතුරු මාර්ගයක දි පුද්ගලයින් දෙදෙනකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. එසේ මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු ඇළට ගෙන ගොස් දමා ඇතැයි කියති.

තිස්සමහරාමයේ පදිංචිව සිටි නානයක්කාරගේ සමන් ජයන්ත(42) එක් දරු පියකු හා ඹහුගේ කෙසෙල් කොරටුවක සේවය කළ විවාහකයකු වන පේ‍්‍රමරත්න නැමති දෙදෙනා එසේ මරා දමා ඇත.

මිය ගිය සමන් ජයන්තට අයත් යතුරු පැදිය ද කෙසෙල් කොරටුව ට යන මාර්ගයේ බිම වැටි තිබියදී සොයාගෙන ඇත. එම මාර්ගයේ තිබියදී ජංගම දුරකතනයක් ද සොයාගත් පොලිසිය බිම ලේ පැල්ලම් රැසක් ද ඇති බව කියයි. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3324466862638232226

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item