කොටි හිතවාදීන් නැවැත වරත් හිස ඔසවනවා. රටේ ආරක්ෂාව මදී - කරුණා අම්මාන්

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංව...

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින් සිටින බව පැහැදිලි යැයි පවසන මුරලිදරන් මහතා රට ආපස්සට කිසිදු ආකාරයකට හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.

වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන් සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක් දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ මොහොත වන විට තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳවද යම් ප්‍රශ්නයක් පවතින බව ඒ මහතා කීවේය. මුරලිදරන් මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී පුද්ගලයකු ළඟ තිබී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගත් සිද්ධිය පිළිබඳ සිය අදහස් පළ කරමිනි.ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ එම බෝම්බ ඇතුළු උපකරණ සොයා ගත් පොලිසියේ, ආරක්ෂක නිලධාරීන්ට තමා මේ මොහොතේ ස්තුතිය පළ කර සිටින බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 380442128475503

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item