දෙහි බෑය ගිල්වා සවලකින් බිරියගේ රහස් ප්‍රදේශයට පහර දුන්නා

ශාන්තිකර්මයක් සිදුකිරීමට යෑමේදී තරුණ එක්දරු මවක මියගොස් ඇත්තේ ඇගේ මුඛයට දෙහි ගෙඩියක බෑයක් ඇතුළු කිරීම නිසා හුස්ම ගැනීමට නොහැකිව හුස්ම හිර...

ශාන්තිකර්මයක් සිදුකිරීමට යෑමේදී තරුණ එක්දරු මවක මියගොස් ඇත්තේ ඇගේ මුඛයට දෙහි ගෙඩියක බෑයක් ඇතුළු කිරීම නිසා හුස්ම ගැනීමට නොහැකිව හුස්ම හිරවීමෙන් බවට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. එම්. එච්. එම්. එන්. සේනානායක නිගමනය කොට තිබේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම නිගමනයට එළැඹ ඇත්තේ එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමෙන් අනතුරුවය.

එක් දරු මවට ගිල්ලවූ දෙහි ගෙඩියක බෑයක් උගුරේ සිරවීමෙන් හුස්ම හිරවී සිහිසුන් වූ පසුව ඇය මරණයට පත්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයා සිය පර්යේෂණයේදී තහවුරු කර තිබේ. මියගිය එක් දරු මවගේ සිරුරේ පහර දීම් නිසා සිදු වූ තුවාල සහ පිලිස්සීම නිසා සිදු වූ තුවාල 20ත්, 30ත් අතර ප්‍රමාණයක්ද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හඳුනා ගැනීමට හැකිව තිබේ.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන යකැදුරා සහ ගෝල යකදුරෝ දෙදෙනා දැනට රිමාන්ඩ් භාරයට පත්කර සිටිති. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ අනුරාධපුර ඇළයාපත්තුව නෙල්ලිකුලම පදිංචිව සිටි 36 හැවිරිදි එක් දරු මවක වූ දනුෂිකා කුමාරි චන්ද්‍රරත්න මහත්මියයි.

මියගිය තැනැත්තියගේ සැමියා වන අනුරාධපුර ඇළයාපත්තුව නෙල්ලිකුලම පදිංචි අනුරාධපුර තිසා වැව යුද හමුදා කඳවුරේ සේවය කරන සිවිල් සේවකයකු වන චමින්ද කුමාර ශාන්තිකර්මයක් සිදු කිරීමට යෑමේදී තම බිරිය හදිසියේම මියයෑම සම්බන්ධයෙන් පොලිසියට පවසා ඇත්තේ ශාන්තිකර්මය සිදුකරමින් සිටින අතරතුර තම බිරියට දෙහි කැපූ

කට්ටඩියා එසේ කැපූ දෙහි ගෙඩියක බෑයක් බිරියට බලහත්කාරයෙන් ගිල්ල වූ බවයි. එම දෙහි බෑය ගිල ගැනීමට බිරියට නොහැකි වූ විට කට්ටඩියා ගිරයක් ගෙන එහි මිටෙන් බිරියගේ කටට අනිමින් දෙහි බෑය බලහත්කාරයෙන් ගිරයේ මිටෙන් කට ඇතුළට තල්ලු කරන අයුරු තමා දුටු බවද ඔහු පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන්ය.

කට්ටඩියා තම බිරියගේ හිසට සහ ශරීරයේ වෙනත් ස්ථානවලට පොල් මල්වලින් තදබල ලෙස පහර දෙමින් ගිනි පන්දම්වලින් ශරීරය පුලුස්සමින් දස වධ දුන් බවද පවසා ඇති මියගිය අයගේ සැමියා බිරියගේ ශරීරයට ඇතුළු වී සිටින යකා පැන්නීමට බව පවසමින් කට්ටඩියා සවලක් ගෙන එම සවලෙන් බිරියගේ රහස් ප්‍රදේශයට සහ තට්ටම් ප්‍රදේශයට පහර දුන් බවද තවදුරටත් පොලිසියට පවසා තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2275713276361416485

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item