මහින්දගේ කතා හරියට අන්දරේගේ කතාවකට සමානයි - පී හැරිසන්

අපිට මහින්ද මහත්තයා ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ. හරියට නිකන් අර පැරනි කතාවක් තියෙනවනේ අන්දරේගෙන් රජතුමා හකුරු හදන හැටි ඇහුවා වගේ තමයි. දව...

අපිට මහින්ද මහත්තයා ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ. හරියට නිකන් අර පැරනි කතාවක් තියෙනවනේ අන්දරේගෙන් රජතුමා හකුරු හදන හැටි ඇහුවා වගේ තමයි. දවසක් අන්දරේගෙන් රජතුමා ඇහැවලු රජ වාසලට හකුරු හදන්නේ කොමොහද කියලා. අන්දරේ කිව්වලු දේවයන් වහන්ස හකුරු හදනකොට උඩට උඩු වියන් පයට පාවඩ එළලා තමයි හකුරු හදන්නේ කියලා. ඉතින් මේ වැඩේ ඇස් දෙකෙන්ම බලන්න ඕන වෙලා රජතුමා දවසක් ගියාලු හකුරු හදන තැනට. හැබැයි රජතුමා යනකොට හකුරු හදන මිනිස්සු අමුඩ ගහලා, දහදිය පෙරාගෙන ඇගේ දැලි අගුරු ගා ගෙන දූවිලි පෙරාගෙන හිටිය හැටි දැක්කා. රජතුමා අන්දරේගෙන් ඇහුවලු මේ මොකද කියලා. ඒ වෙලාවේ අන්දරේ කිව්වලු අනේ රජතුමනි කියනකොට ඔහොමයි කරනකොට මෙහෙමයි කියලා.

ඒ වගේ තමයි මහින්ද මහත්තයත්. දැන් වේදිකාවල බෙරිහන්දෙන තරම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එතුමාගේ කෙරුවාව ඒකෙන්ම පැහැදිලියි. දැන් තමයි වී ගොවියා ගැන මහින්ද මහත්තයා කිඹුල් කදුළු හෙළන්නේ. එතුමා 2014 සැප්තැම්බර් ජනාධිපතිවරණ කාලේ මිනිස්සුන්ට නොමිලේ බෙදන්න වී මෙට්රික් ටොන් 72000ක් පිටරටින් ගේන්න ඇණවුම් කළත් ඒ හාල් මෙහට ගේන කොට පරක්කු වුණා. ඒ ගෙනාවේ නරක් වෙච්ච දිරාපු වී. ඒවා එයාලගේ හෙංචයියලා මගින් සතොසට දීලා සල්ලි ගත්තා. ඒ හාල් තමා පසු කාලේ කිලෝව රු .50 ගාණේ සතොස මගින් වික්කේ. ඒ නිසා ගොවියාගේ හාල් ටික විකුණා ගන්න බැරුව ගියා යැයි අමාත්‍ය පී හැරිසන් පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2506124072195554064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item