චම්පිකගේ අනාගතය පූජිත අතේ - පූජිතගෙ අනාගතය චම්පිකගෙ අතේ - මෙහෙමත් හෙයියන් මාරු දැක තිබේද

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු ...


පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂය ජිනීවා ගියේ ඇයි?

අපි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා මුණගැසිමට ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර යැම පිලිබද අද සමාජයේ කතිකාවත් දෙකක් මතු වෙලා තියෙනවා. පළමු දේ තමයි ගමන් මලු වලට මොකද වුණෙ? මට හිතෙන්නේ අපි ජිනිවා ගියේ ගමන් මලු පිලිබද ප්‍රශ්නයකට කියලා හිතන තරමට අවදානය යොමු වෙලා තියෙන්නේ ගමන් මලු වලට. එක සමාන්‍ය සිද්ධියක් ගුවන් යනා දෙකක් අතර කාල පරතරය අඩු වුණාම. මම කටාර් වලින් බැහැලා ඊළග ගුවන්යානයට යන්න තිබුණේ විනාඩි 45යි. මගියෙක් පරක්කු වුණාම ගුවන්යානය පොඩ්ඩක් රදවාගෙන ඉන්නවා නමුත් ගමන් මලු පරක්කු වුණාම පස්සේ ගමන් මල්ල ගෙන්නත් දෙන්න ගුවන්යානය පිටත් වෙනවා. මේක මට කලිනුත් වෙලා තියෙනවා එක බරපතල සිද්ධියක් නෙවෙයි. නමුත් ඒක ප්‍රධාන සිරස්තලය වෙලා අපි ඇත්තටම ගියේ මොකද කියන කාරනයට ගියා කියලා තමයි මට හිතෙන්නේ. අනෙක් කාරනය තමයි ජිනිවා වලට විරුද්ධවෙලා ජිනාවා ගියේ ඇයි කියලා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමත්, මමත් බන්දුල ගුණවර්ධන මැතිතුමාත් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චුන්ගම් මහතා (Martin Cunningham) සහ මානව හිමිකම් නිළධාරිනි ගඑලේ ලැරොක් (Gaelle Laroque) දෙදෙනා මුණ ගැසුණා. මේ ආණ්ඩුව යහපාලනය නාමයෙන් ප්‍රජාත්‍රන්තවාදය විනාශ කරන හැටි අපි කරුණු දැක්වුවා. අපි ඉදිරිපත් කරපු සංදේශයේ ප්‍රධාන කරුණු 6ක් ඇතුලත්ය.


  1. අංක ගණිත ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 52ක් සිටියදී මන්ත්‍රීවරු 16ක් සිටින දෙමළ ජාතික සන්ධානට විපක්ෂ නායක ධුරයත් මන්ත්‍රීවරු 6ක් පමණක් සිටින ජවිපෙට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දීම.
  2. පාර්ලීමේන්තුවේ අපිට කතා කිරීමට කාලය ලබා නොදීම – අයවැය විවාදේදි තමුන්නාසේලා දැක්කා 52ටත් පැයයි. හයදෙනාටත් දවසට පැයයි.
  3. කමිටුවල නිසි නියෝජනයක් ලබා නොදීම – අපි කෝප් එක ගත්තොත් ජවිපෙ 6න් 4ක් ඉන්නවා සභාපතිකමත් ජවිපෙට. අපේ 52කටම අවස්ථා 2යි.
  4. පක්ෂ නායකයන් විදිහට අපිට පිළිගැනීමක් නොමැති වීම – අනුර කුමාර මන්ත්‍රීතුමන් දිනපතා කරන විශේෂ ප්‍රකාශ කිරිම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයින්ට නැති වෙලා තියෙනවා.
  5. අපි ප්‍රශ්නයක් ඇහුවම පිළිතුරු දෙන්න කල් ලබා ගැනීම – අපි නොවැම්බර් දෙසැම්බර් ලබා දුන්න ප්‍රශ්න වලට තමයි මාර්තු මාසේ උත්තර දෙන්නේ. උත්තරය ගන්න අපි පාර්ලීමේන්තු ගියාම උත්තර දෙන්න විශය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු එන්නෙත් නෑ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා නැගිටලා තව මාසයක් ලබා දෙන්න කියලා කල් ඉල්ලා ගන්නවා. ඒ අනුව ප්‍රශ්නයේ තියෙන අදාල භාවය කාලයත් එක්ක විනාශ වෙනවා.
  6. කෙහේද යන්නේ ඇහුවම මල්ලේ පොල් උත්තර ලබා දීම – අගමැතිතුමා ලබා දෙන ආදර්ශය අනුව යමින් සාතිත්‍ය බහුතර ඇමතිවරුන් කොහෙද යන්නේ කියලා ඇහුව මල්ලේ පොල් කියලා තමයි උත්තර දෙන්නේ. අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ නො අදාල උත්තර දෙමින් මහජන මුදල් නාස්ති කරමින් රටත් පාර්ලිමේන්තුවත් නොමග යවන්න අගමැතිතුමා ප්‍රමුඛ අමත්‍ය මණ්ඩලය දරන උත්සහය අපි පැහැදිලි කරා.

මේ කාරණා අපි ඉදිරිපත් කලාම 2015 ජනවාරි 08 යහපාලනය උදාවුණෝය කියලා සිතාගෙන සිටිය මේ ජත්‍යන්තර ප්‍රජාව මෙය ඇසිමෙන් පුදුමයටත් කම්පාවටත් පත් වුණා.

මාර්ටින් චුන්ගම් (Martin Cunningham) මහතා කිව්වා එතුමට අපේ කතානායකවරයා හමුවුණා මිට සති තුනකට කලින් සැම්බියාවේ ලුසාකි නගරයේ තිබුණු සම්මන්ත්‍රනයේ දී. එවිට මාර්ටින් චුන්ගම් (Martin Cunningham) මහතා කියලා තියෙනවා මාර්තු 31 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හමුවෙන්න වේලාවක් දීලා තියෙනවා එවිට කතානායකවරයාගේ පිළිතුර වෙලා තියෙන්නේ ඒ අයට ප්‍රශ්න වගයක් තිබුණා හැබැයි මම දැන් ඒවා විසදලා තියෙන්නේ කියලා. එවිට අපේ පිලිතුර වුණේ අපේ ප්‍රශ්න විසදිලා නම් මෙතරම් දුර ගෙවා ගෙන අපේ වෘර්තිය සමිතිය වන අන්තර් පාර්ලිමේන්තු සංගමයට එයි ද කියන එකයි. එවිට මාර්ටින් චුන්ගම් (Martin Cunningham) මහතා කියා සිටියේ මුලින්ම දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් තියලා බලනවා. එහෙම බැරි වුණොත් විමර්ශනයක් කරලා තින්දුවක් දෙන්න ඒ අයට සිද්ධ වෙනවා කියලා.

අපේ මේ ගමනේ ප්‍රධාන කාරණා…


  • යහපාලනය කියමින් ලෝකයට මේ ආණ්ඩුව පෙන්වලා තියෙන සුන්දර රූපයේ සැබැ ස්වරූපය නැත්නම් මේ ආණ්ඩුවේ නිරුවත ලෝකයට පෙන්වන්න. මේ ආණ්ඩුවට පක්ෂ විදේශ නායකයින් ලංකාවට අවම කියන්නේ 2015 ජනවාරි වලින් පස්සේ මේ රටට ප්‍රජාත්‍රන්තවාදය උදාවුණා කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා කවදාවත් ඡන්දයක් කල්දලා නෑ. කිසිම මැතිවරණයක දුෂණයක් කරලා නෑ. නමුත් මැතිවරණ කල්දාන ආණ්ඩවට කියනවා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුව කියලා. විපක්ෂයේ අයිතිවාසිකම් උදුරා ගත්ත කතානායකවරයා ඉන්න ආණ්ඩුවට කියනවා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුව කියලා. විපක්ෂයට හිමිතැන දුන්නු ආණ්ඩුව ප්‍රජාත්‍රන්ත විරෝධි ඒකාධිපති ආණ්ඩුව කියනවා. මේ බටහිර රට වලට කරලා තියෙන මේ නොමග යැවීම, මේ ආණ්ඩුව කරන රගපැම එළි කිරීම අපේ එක් අරමුණක්.
  • ඒකාබද්ධ විපක්ෂයට කරන අසාධාරණකම් පිළිබඳ රටේ ජනමතයක් ගොඩනගන්න. අපි බටහිර රටවලට ගිහිල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමය පිළිබද මහා විශ්වාසයක් නෑ. අපි දන්නවා මේ ආයතන ක්‍රියා කරන ආකාරය මේ ගමන හරහා අපිට පුළුවන් වුණා මහා අසාධාරනකම් 6ක් වර්තමාන කතානායකවරයා කරනවා කියන පණිවිඩය නැවත වතාවක් ජනගත කරන්න. එක අපේ ජයග්‍රහනයක්.

ජිනීවා යන හැමෝම රටේ සතුරන්ද?

පසුගිය දිනවල නිරන්තරයෙන් ඉස්මතුකල ප්‍රශ්ණයක් තමයි ජිනීවා වලය බැන බැන ජීනීවා ගියේ ඇයි ? කියන එක. මෙ ආණ්ඩුවේ ඇමතිවරුත් අහපු ලොකුම ප්‍රශ්නයක් තමයි ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් ලංකාවට ආපුවාම එයට විරෝධය පලකල අය දැන් ආපහු ජිනීවා යනවා කියන එක. ජාත්‍යන්තරය පිළිබද පුළුල් අවබෝධයක් ඇති බව පෙන්වන්නට උත්සහ දරන මේ ආණ්ඩුවේ ඇතැම් අය මේ කරන ප්‍රකාශ හරහා මේ ආණ්ඩුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබද දැනුම බිංදුවයි කියල තමයි පේන්නේ.

මොකද ජිනීවා කියන්නේ මානව හිමිකම් කාර්යාලයට කියන නම නෙමෙයි. ඒ වගේම ජිනීවාවල තියෙන්නේ එකම එක හන්දියයි. ඒ හන්දිය මැද තියෙන එකම කාර්යාලය මානවහිමිකම් කාර්යාලය විතරයි කියල කවුරුන්හෝ හිතා ඉන්නවනම් ඒක වැරදියි. ජිනීවා වල අපේ රටට ඇගිලිගසන, බෙදුම්වාදීන් සුරකින, බලවත් රටවල දේශපාලන මෙවලම් බවට පත්වී තියෙන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය තිබෙන බව ඇත්තයි. ඒ නගරයේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානය තියෙන්නේ. අන්තර් ජාතික කම්කරු සංගමයේ මූලස්ථානය තියෙනවා, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථානය තියෙනවා, බැසිල් සම්මුතියේ වාර්ශික සමුළුව තියෙන ස්ථානයත් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානය තියෙන්නෙත් ජිනීවා වල. එතකොට අපේ සෞඛ්‍ය ඇමතිවරු වෛද්‍යවරු ජිනීවා යනවා. ඒ යන්නේ රණවිරුවන්ට එරෙහිව කේලම් කියන්න නෙවෙයි. ඒ වගේම ලෝක කම්කරු සංගමය තියෙන්නෙත් ජිනීවා වල. අපේ කම්කරු නායක බාලතම්පෝ මහත්තය ජිනීවායනකොට ඒකෙන් කියවෙන්නෑ එතුමන් යන්නේ ලංකාවට එරෙහිව කේලම් කියන්න යනවා කියලා. තුන්වන ලෝකයේ රටවලට පලවන ලෝකයේ කසල හොරෙන් බැහැර කරලීමට එරෙහිව තියෙන බැසෙල් සම්මුතියේ මුලස්ථානය පිහිටා තිබෙන්නෙත් ජිනීවා වල. එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට ජිනීවා ගියා. ඒ ගියේ රටේ පරිසරය රැක ගන්න මිසක රණවිරුවන්ට එරෙහිව කේලම් කියන්න නෙවෙයි.

ඒ නිසා ජිනීවා යනවා කියන එකෙන් අදහස් වෙන්නෑ රටට එරෙහිව කේලම් කියන්න යනවා කියන එක. අපි ජිනීවා වල රටට සතුරු තැනට නෙවෙයි ගියේ රටට මිතුරු තැනටයි ගියේ. ඒ වගේම රටට සතුරු තැනදී එනම් එක්සත් ජාතීන්ගේ සංගමයේ ජිනීවා මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ ඉන්නා ලාංකික ප්‍රජාවත් එක්ක අපි විරොධතා ව්‍යාපාරයකටත් එක්වුනා. මිතුරා සතුරා හොයාගන්න අපි දන්නව වගේම මිතුරාය සුහදත්වයේ දෑත දිගුකරන්න වගේම සතුරාට ඒ දෑතම මිට මොලවා තර්ජනය කරන්නත් අපි දන්නවා කියන එක ජිනීවා ගැන නොදන්න ආණ්ඩුවේ ඇත්තන්ට කියන්න කැමතියි.

සැකකරුවන් විසින් පොලිස්පති පත්කිරීම

ඒ වගේම අපේ පොලිස්පතිවරයා අප්‍රේල් මාසයේ 11 වෙනිදා විශ්‍රාම යන්න නියමිතයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙක් පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් සිටිනවා. පොලිස්පතිධූරට ජනපති විසින් නියම කරන නම තෝරගන්නවද ප්‍රතිෂේපිත කරනවද කියන එක තීරනය කරන්නේ ව්‍යවස්ථාධායක සභාව. අපි දැක්කා නීතිපති තනතුරුට නම් යෝජනා කරද්දි ව්‍යවස්ථාධායක සභාව දෙකට බෙදිල දෙදෙනෙක් වෙනුවෙන් පොර බැදුවා. එතන දේශපාලණයක් තියෙනවා. නීතිපති තනතුර බලාපොරාත්තු වන ඇතැම් පුද්ගලයෝ ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ගේ පසුපස යමින් ඒ තනතුර ඉල්ලා සිටි බව ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ම ප්‍රකාශකලා. පොලිස්පති තනතුරටත් අද ඒ තත්වය ඇතිවෙලා තියෙනවා. ඊලග පොලිස්පතිවරයා තීරනය කිරීමේ භාරදූර වගකීම තියෙන ව්‍යවස්ථාධායක සභාවේ පොලිස් විමර්ශණ හතරක සැක කරුවෙක් වාඩිවෙලා ඉන්නවා. ඉස්සරනම් කිව්වේ හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා කියල. දැන් සැකකරුවෙක් තමයි පොලිස්පති තීරණය කරන්නේ.

අපි දන්නවා ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේකණ හැදුවා කියා රණවක ඇමතිතුමන්ට චෝදනාවක් තියෙනවා. ඒවගේම 2015 පෙබරවාරි 03 වෙනිදා සිරස නාලිකාවේ විකාශනය වුණු සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටියා කියල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබදව රහස්පොලීසිය විමර්ශණ කරනවා. ඒ සම්බන්ධයෙන් රණවක ඇමතිතුමන්ගේ නම පසුගිය කාලයේ බරපතල ලෙස කියවුනා. සිව්වෙනුව මෑතකදී සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද එතුමන්ට චෝදනාවක් තියෙනවා.

මෙවැනි පොලිස් විමර්ශණ හතරක සැකකරුවෙක් මීලග පොලිස්පතිවරයාව තෝරනවනම් පොලීසියෙන් මේ විමර්ශණ වලට සාධාරණයක් ඉටුවෙයිද? ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා තෙරීම සාධාරණව සිදුවෙයිද? රණවක ඇමතිවරයා තරුණයෙක් යටකර පලාගියා කියන පරීක්ෂණය භාරව සිටින්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ද මහතායි. ඔහුත් පොලිස්පති දූරය බලාපොරෝත්තු වෙනවා. දැන් චම්පිකගේ අනාගතය තියෙන්නේ පූජිත අතේ. පූජිතගෙ අනාගතය තියෙන්නේ චම්පික අතේ. මෙවැනි හෙයියං මාරුවක් ලංකා ඉතිහාසයේ තියා ලෝක ඉතිහාසයේවත් වාර්ථාවනවාදැයි මා දන්නැහැ. මා දන්නාතරමින් පොලිස් විමර්ශන හතරක් තියා එක්කවත් තියෙන කෙනෙක් ලෝක ඉතිහාසයේවත් පොලිස්පතිවරයෙකු තෝරාපත්කරගැනීමකට දායක වෙලා නෑ. රණවක ඇමතිතුම්නට යහපාලනය පිලිබද සැබෑ උවමනාවක් තිබුනනම් අර තිලත් මාරපන ඇමිතතුමන් වගේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙලා.

තිලක් මාරපණ මහ්තතය නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුරය බාරගන්නාවිට ඇවන්ගාඩ් සමාගම පිළිබද සියළු පරීක්ෂණ කටයුතු පවත්වා ඉවරයි. නීතියේ ඉතා වැදගත් සිද්ධාන්තයක් තියෙනවා යුක්තිය ඉටුවීම පමණක් පුමාණවත් නැත. යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය කියලා. අන්න ඒ නිසා තමයි ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා වෙච්ච් එතුමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ. තමන්ට නොවෙයි තමන්ගේ සේවාදායකයාට එරෙහිවයි විමර්ශණයක් සිදුවෙන්නේ. ඒත් මාරපණ මහතා ඉල්ලා අස්වුනා.

ජනාධිපතිතුමන් තමන්ගේ නියෝජිතයා විදිහට රණවක ඇමතිතුමන්ව ව්‍යවස්ථාධායක සභාවට පත්කරද්දීත් එතුමන්ට විරුද්ධව විමර්ශණ තුනක් තිබුනා. දැන් සන්දීප් සිද්ධියත් එක්ක හතරයි. අපි ජනාධිපතිතුමනට කියනවා යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවිලා දැන් අමුඩය විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. ඊලග පොලාස්පතිවරයා තෝරන්න ඔබේ නියෝජිතයා විදිහට පොලිස් විමර්ශණ වල සැක කරුවෙකුට ඉඩ දුන්නොත් ඉතිරිවෙලා තියෙන අමුඩයත් ගැලවී යන්න පුළුවන්. ඒ නිසා අමුඩයවත් බේරගන්න රණවක ඇමතිතුමන්ව ව්‍යව්සථාධායක සභාවේන ඉවත්කරලා ඔබතුමන් තාමත් යහපාලනය ගැන ඇබිත්තක් හරි හිතනවා කියල රටට පෙන්නන්න කියල අපි ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

චාවකච්චේරියේ මාරාගෙන මැරෙණ ඇදුම නොසලකා හැරිය යුතුද?


  1. චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම පිළිබඳ මෙතෙක් අවධානය යෙමු නොවුණ කාරනා තුනක් පිළිබද මම අවධානය මතු කරන්න කැමති. චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇදුමක් ලැබුණට පස්සේ ආණ්ඩුව කියන කතා ඇහුවම සිනා වෙනවාද අඩනවා ද කියා තීරණය කරන්න බැරුවයි මම ඉන්නේ. කියන කතා ඇහුවම සිනා වෙන්න සිතෙනවා අනෙක් අතට මේ අපේ රට භාර ඇත්තන්නේ ද මෙහෙම කියන්නේ කියලා හිතුනම සිනහව පැත්තකට දලා අඩන්න හිතෙනවා.
  2. ලැබුණු පුපුරණ ද්‍රව්‍ය තමයි C4 (සී4) මේ පුපුරණ ද්‍රවයේ සාමන්‍යෙයන් තියෙන්නේ බාම් එකක් විදිහට තියෙන්නේ. නිකන් ග්‍රිස් වගේ. මෙම පුපුරණ ද්‍රව්‍යයේ ස්භාවයනම් කල් යද්දි සුදුපාට නම් කහපාට වෙලා නරක් වෙනවා. උපරිමය වසර දෙකක් වගේ තමයි තියා ගන්න පුළුවන් වෙන්නේ. යුද්ධය ඉවර වෙලා වසර 9ක්. හොද තත්වයේ C4 (සී4) ලැබුණානම් මේවා කොටි ත්‍රස්තවාදින්ගේ කියලා කියන්නේ කොහොමද?
  3. මෙම පපුපුරන ද්‍රව්‍ය නිවසේ සගවාගෙන බිරිදටත් නෙදන්වා. බිරිද හිතුවේ ගංජා ජාවරමක් කියලා බඩු සගවාගෙන ඉන්නවා කියලා. මේ ගෙදර පපුපුරන ද්‍රව්‍ය නිවසේ සගවාගෙන හිටියේ ඇයි? යුද්දෙට කලින් එවනම් බැරිවෙලා කෙහේහරි තියෙන්න පුළුවන් නමුත් හිටපු ආරක්ෂ ලේකම්තුමා ඉතාමත් වගකීමෙන් කිව්වා මෙම සැම නිවසක්ම පරික්ෂා කරලා තියෙන්නේ කියලා. එක නිසා අලුතෙන් ගෙනාවේ නැත්නම් මේ ගෙවල් වල තියෙන්න විදිහක් නෑ කියලා. ඒ සැකකරුත් පිළිගන්නවා මන්නාරමේ සිට චාවකච්චේරියට ගෙනාවා කියලා. ඔහු මෙසේ ගෙනවිත් තබා ගත්තේ ඇයි කියන ප්‍රශනයට පිලිතුරු සොයා ගත යුතුයි.
  4. C4 (සී4) පිළිබද අපි මතුකරන මේ කුකස නිසා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා රස පරික්ෂක වෙත මේ C4 (සී4) යොමු කරලා මේවා කෙතරම් පරණදැයි දැන ගැනීම ජනතාවගේ කුකුස නැති කිරීමට විතරක් නෙවෙයි. ජාතික ආරක්ෂාවට අවශ්‍ය පෙර සුදානමටත් ඉතා වැදගත්ය කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.

අපි දැක්කා මහාචාර්ය ජි.එල් පිරිස් මැතිතුමා මේවා වැල්ලවත්තට ගෙන එන්න තිබුණු එවාය කියලා මතයක් ප්‍රකාශයට පත් කරා. එක නිසා රහස් පොලීසිය එතුමාගෙන ප්‍රශ්න කලා. එතුමා ප්‍රකාශ කලේ අනාගතයේ වෙන්න පුළුවන් කියලා මතයක්. නමුත් සිවාජිලිංගම් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ මතයක් නෙවෙයි. අතීතයට අයත් තොරතුරක්. සිවාජිලිංගම් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ මෙක කොටා සංවිධානයට අයත් එවා නෙවෙයි, දකුණේ සංවිධිනයක් විසින් ඝාතනයක් සදහා ගෙනවිත් තිබෙන පුපුරන ද්‍රවයයි කියලා. නිශ්චිත තොරතුර දන්නේ කවුද? මහාචාර්ය ජි.එල් පිරිස් මැතිතුමා ද? සිවාජිලිංගම් මන්ත්‍රීතුමා ද? මතයක් ප්‍රකාශ කල කෙනා පැය ගාණක් ප්‍රශ්න කරනවා නමුත් නිශ්චිත තොරතුරක් ප්‍රකාශය කල කෙනා ගෙන් ප්‍රශ්න කරන්නේ නෑ. අපි දන්නවා මේ ආණ්ඩුවේ නායනයින් වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන්ටනම් හරි බයයි. ඔහු මැරිලා වසර 9ක් වෙලත් සිවාජිලිංගම් මන්ත්‍රීතුමා ඔහුගේ මස්සිනා නිසා ඔහුට ඇති බය නිසා ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

තමුන්නාසේලා සියළුදෙනාටම ඉසුරු බර වසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. හැබැයි ඉතින් බදු වැඩිවෙනකොට, බඩු මිල ඉහල යන කොට සුබ නව වසරක් වේවා කියුවට වසර සුබ වෙන්නේ නෑ. එහෙනම් අපි වසර සුබ කරගන්න කටයුතු කරන්න ඔනේ. මේ වසරේ බැරි වුණාට ලබන වසරවත් සුබ නව වසරක් කරන්න අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා කියන පොරොන්දුව ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6486295626920969428

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item