බෝම්බ කට්ටලය වැල්ලවත්තට ගෙනියන්න ජර්මනියෙ පුද්ගලයෙක් ලක්ෂ දෙකක් දීලා - පරීක්ෂණ වලින් හෙළිවෙයි

යාපනය වාවකච්චේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය ජර්මනියේ සිටින පුද්ගලයෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්ත...

යාපනය වාවකච්චේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය ජර්මනියේ සිටින පුද්ගලයෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට මුලතිව් සිට වෙනත් ස්ථානයකට ගෙනයාමට සැලසුම් කර තිබූ ඒවා බවට තොරතුරු හෙළි වී තිබේ.

දාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ සැකකරු විසින් මීට දින 04කට පමණ පෙර මුලතිව් ප්‍රදේශයේ ස්ථානයකින් ලබාගෙන වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිය නිවසට රැගෙන විත් තිබෙන බවට හෙළි වී ඇත.

පසුගිය 30 වැනිදා අලුයම අත්අඩංගුවට ගත් මෙම පුපුරන ද්‍රව්‍ය, උපකරණ හා සැකකරු පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා අදාළ පරීක්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර කිරීමට වැඩබලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

මේ අනුව සිදුකරණ පරීක්ෂණවලට අනුව අදාළ පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ මුලතිව් ප්‍රදේශයෙන් ලබාගත්තේ කාගෙන්ද යන්න සහ එම ද්‍රව්‍ය බාරදීමට සැලසුම් කර තිබුණේ කාටද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූ බව කියන දැනට ජර්මනියේ සිටින පුද්ගලයා පිළිබඳවද පොලීසිය අවධානය යොමු කර ඇත.

මීට අමතරව මෙම පුද්ගලයා කාන්තාවන් කිහිප දෙනෙකු සමග අනියම් සම්බන්ධකම් පවත්වා ඇතැයිද හෙළි වී ඇති අතර ඔවුන් අතරින් කෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධතාවක් දක්වන්නේ දැයි යන්න ගැනද පොලීසියේ අවධානය යොමු වී තිබේ.
මෙම පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ අයෙකු සමග දීර්ඝ කාලයක සිට මිතුරුකමක් පවත්වන බවටද හෙළි වී තිබේ. අදාළ පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ අතර සිංහල පුවත්පතක පිටු හමු වී තිබීම නිසා මෙම කටයුතු සඳහා වැල්ලවත්ත ප්‍ර‘දේශයේ පුද්ගලයාගෙන් සහයෝගයක් ලැබුණාදැයි යන්න පිළිබඳවද සැක මතුව ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 414404365875058144

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item