ගුවන් හමුදාවේ බර අවි කල්පිටියේ පුපුරවා හරියි - ප්‍රදේශවාසීන්ගෙන් කණගාටුව

ගුවන් හමුදාව විසින් භාවිතයට ගනු ලබන කල්පිටිය කන්දක්කුලිය වෙඩි පිටියේ පුපුරවා හරිනු ලබන බව වාර්තා වෙනවා. මෙම අධිබලැති බෝම්බවල කම්පනය හේත...

ගුවන් හමුදාව විසින් භාවිතයට ගනු ලබන කල්පිටිය කන්දක්කුලිය වෙඩි පිටියේ පුපුරවා හරිනු ලබන බව වාර්තා වෙනවා. මෙම අධිබලැති බෝම්බවල කම්පනය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව අවට ගම්මානවල ජනතාව පවසති.

අධික පිපිරුම් හඬ සහ කම්පනය හේතුවෙන් කන්දක්කුලිය, මුසල්පිටිය, රෙඩ්බානා සාගරගම ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන ජනතාවට සිය වාසස්ථාන අතහැර යෑමේ තත්වයක් උද්ගත වී ඇති බව කන්දක්කුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහරස්ථානාධිපති පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පවසති.

'තිස් වසරක යුද්ධය අවසන්. ඒත් කල්පිටියට යුද්ධය තවමත් පවතිනවා වගේ දැනෙන්නේ. යාපනේ මිනිස්සුන්ට යුද්ධයේ අවාසනාවන්තකම දකින්න ඉඩ නැහැ දැන්. නමුත් තවමත් අපිට ඒ භීෂණය, අමිහිරි හඬ කන් පසාරු කර ගෙන යන තත්වෙට තිබෙනවා' පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ කියා සිටියහ.
සාලාව පිපුරුමත් සමග පසුගියදා යුද්ධ හමුදාව භාවිතා කරන සමහර බර අවි හොර රහසේම ත්‍රිකුණාමලයේ මුහුදේ ගිල්වනු ලැබූ අතර එහි රහසිගත වීඩියෝවක් පිටවුණි. එහෙත් එයටද මාධ්‍ය අවධානය යොමු නොවුනි.

පසුගිය දින දෙක තුනක සිට පුපුරවා හරිනු ලබන අධිබලැති බෝම්බවල කම්පනය සහ හඬ හේතුවෙන් ගම්මානවල වෙසෙන දරුවන්ට සහ ගැබිනි මාතාවන්ට අහිතකර බලපෑම් එල්ල වනු ඇති බවට ගම්වැසියෝ බියෙන් පසුවේ. එමෙන්ම පිපිරීම් නිසා ඇති වන කම්පන හේතුවෙන් නිවාසවලට හානි සිදු වී ඇති බවත් ගම්වැසියෝ පවසති.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාගෙන් ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් ගුවන් හමුදාව දැනුවත් කොට ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3455055909435723482

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item