රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට [PHOTOS]

උතුරු දුම්රිය මාර්ගයේ මඩු සහ සෙට්ටිකුලම අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලි සිව් දෙනෙකු මියගොස් තිබේ. තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව ...

උතුරු දුම්රිය මාර්ගයේ මඩු සහ සෙට්ටිකුලම අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලි සිව් දෙනෙකු මියගොස් තිබේ.

තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම වන අලින් මියගොස් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මියගිය වන අලි සිව් දෙනා අතර අලි පැටවෙකුද වන බව සඳහන්ය.

සිද්ධිය පිළිබඳව පරායනන්කුලම් පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අනතුර හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය පැය භාගයක පමණ කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 448116951804832117

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item