තමනට අසුනක් නැතැයි සුමති සම්මාන උළෙලට පැමිණි ජනමාධ්‍ය ලේකම් ආපසු යයි

සුමති සම්මාන උළලේදී රාජ්‍ය නිලධාරියෙකුට ලැබිය යුතු ගෞරවය හා ස්ථානය ලබාදීමට අපොහොසත් වුවා යයි චෝදනා කරමින් අද (18) පැවැත්වෙන සම්මාන උළෙලට...

සුමති සම්මාන උළලේදී රාජ්‍ය නිලධාරියෙකුට ලැබිය යුතු ගෞරවය හා ස්ථානය ලබාදීමට අපොහොසත් වුවා යයි චෝදනා කරමින් අද (18) පැවැත්වෙන සම්මාන උළෙලට සහභාගී නොවී ආපසු යාමට ජනාමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ  කටයුතු කර ඇතැයි විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.‍

මෙසේ විරෝධය පෑමට හේතුවී ඇත්තේ සම්මාන උළෙල පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අසුන් ගැනීමට සුදුසු ස්ථානයක් සකස්කර නොමැති වීම හේතුවෙනි. සුමති සම්මාන උළෙල තුළ ජනමාධ්‍යට ඍජු සම්බන්ධයක් තිබීම නිසාම ජනමාධ්‍ය ලේකම්වරයාට සුදුසු ස්ථානයක් වෙන් කළ යුතුව ඇති බව පැමිණ සිටි අයද පෙන්වා දී තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වේ. කෙසේ නමුත් පසුපෙල අසුනක සිට සම්මාන උළෙල නැරඹීම ප්‍රතික්ෂේප කර ඇති ලේකම්වරයා සම්මාන උළෙල ආරම්භ වීමටත් ප්‍රථමයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
නිමල් බෝපගේ පසුගයද වඩා ආන්දෝලනයකට ලක්වුයේ වුයේ ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නොමැති බව දනවමින් තම අත්සනින් යුතුව ලිපියක් මාධ්‍ය වෙත යොමු කිරීමත්  සමගය. එයට මැදහත්වීමට ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළු රජයේ පාර්ශවයටද සිදුවිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 687931197509871280

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item