බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ සිරුර මාවනැල්ලේ - ඥාතීන් සිරුර හඳුනා ගනී
ඉකුත් සඳුදා අලුයම සිටි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මළ සිරුර මාවනැල්ල රුකුලේගම ප්‍රදේශයේ තිබී ඊයේ (24...

https://www.sathhanda.com/2016/08/bambalapitiya-murder.html
ඉකුත් සඳුදා අලුයම සිටි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මළ සිරුර මාවනැල්ල රුකුලේගම ප්‍රදේශයේ තිබී ඊයේ (24) පස්වරුවේ සොයා ගැනුනා. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ අදාළ ව්‍යාපාරිකයාගේ පවුලේ ඥාතීන් මළ සිරුර හඳුනාගත් බවයි.
බම්බලපිටිය ප්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාර පාර්සලයක්ද රැගෙන, ඔහු සදුඳා අලුයම සිය නිවස අසලට පැමිණ තිබෙනවා. නිවස ආසන්නයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සහ ඔහු රැගෙන පැමිණි ආහාර පාර්සලයද පොලීසිය සිදු කළ විමර්ශනවලදී සොයා ගැනුනා.
පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මුදා හැරීමට රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා අදාළ ව්‍යාපාරිකයාගේ පියාට දුරකතන ඇමතුම් කිහිපයක්ද ලැබී තිබුණා. ඊයේ පස්වරුවේ සොයා ගැනුනු මළ සිරුර සම්බන්ධයෙන් අද (25) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
ව්‍යාපාරිකයා වෙනත් ස්ථානයක මරා දමා සිරුර හමු වු ස්ථානයට ගෙනැවිත් දැමුවාද එම ස්ථානයේම මරාදැමුවාද යන්න සහ ඝැකකරුවන් සෙවීමට පොලිස් පරික්ෂණ ආරම්භකොට ඇත


Related