ලාබ ලබන රාජ්‍ය ආයතන අත යටින් විකිණීමේ තැතක්‌ - දූෂණ විරෝධී පෙරමුණ කියයි

රජය යටතේ ලාබ ලබමින් පවත්වාගෙන යන හිල්ටන් හෝටලය, ලිට්‍රොa ගෑස්‌ සමාගම, ලංකා හොස්‌පිටල් ඇතුළු ආයතන කිහිපයක්‌ රජයේ කිහිප දෙනකු මැදිහත් වී ...

රජය යටතේ ලාබ ලබමින් පවත්වාගෙන යන හිල්ටන් හෝටලය, ලිට්‍රොa ගෑස්‌ සමාගම, ලංකා හොස්‌පිටල් ඇතුළු ආයතන කිහිපයක්‌ රජයේ කිහිප දෙනකු මැදිහත් වී අත යට ගනුදෙනුවට විකුණා දැමීමට සැලසුම් කර ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් චෝදනා කරනවා.

රජයේ මූල්‍ය අවශ්‍යතා මත මෙම ආයතන විවෘත වෙළෙඳ පොළේ ටෙන්ඩර් කැඳවා අලෙවි කරනවානම් යම් විනිවිද භාවයක්‌ පෙන්විය හැකි වුවත් කිහිප දෙනකු එකතුවී අත යට ගනුදෙනුවට අලෙවි කිරීමට උත්සාහ දැරීම පිළිබඳව එකඟවිය නොහැකි බවද තෙන්නකෝන් මහතා කියා සිටියේ ඊයේ දූෂණ විරෝධී පෙරමුණ විසින් රාජකාරියේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මේ වන විට ලිට්‍රොa සමාගම රජය විසින් වැට්‌ බදු වැඩිකර ලබා ගැනීමට අපේක්‍ෂිත මුදලට වඩා ලාබයක්‌ වාර්ෂිකව උපයන බවත් තෙන්නකෝන් මහතා කීය. මෙවැනි ලාබ ලබන ආයතන හොංකොන්, නිව්යෝර්ක්‌ වැනි විවෘත වෙළෙඳපොළවල අලෙවියට නොදා සිංගප්පූරුව සහ එංගලන්තය වැනි රටවලට අත යට ගනුදෙනු මත අලෙවි කිරීමට කටයුතු කිරීම යහපාලනය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3470492874319939016

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item