ඒකාබද්ධ විපක්ෂයට ඕනේ නම් මාත් එක්ක කතා කරන්න - ජනපති මෛත්‍රී

අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට කිසියම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් එවැනි ඕනෑම අයෙකුට තමන් සමග ඒ පිළිබද සාකච්ඡා කළ හැකි බව ජන...

අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට කිසියම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් එවැනි ඕනෑම අයෙකුට තමන් සමග ඒ පිළිබද සාකච්ඡා කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.  ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනතට විරෝධය පළ කරන පිරිස් කිසිඳු අරමුණකින් තොරව එය සිදුකරන බවයි. රූපවාහිනී නාළිකාවක් සමග ඊයේ (13) රාත්‍රී යේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.  අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය හරහා රණවිරු දඩයමක් සිදුවන බවට ඇතමුන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වුවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය කාලයේ අතුරුදන්වීම් රාශියක් සිදු වූවා මෙන්ම 88-89 කාලයේ අතුරුදන් වූවන් පිළිබඳවත් මින් සොයා බැලෙන බවයි. හුදෙක් එක් පාර්ශ්වයක් ඉලක්ක කර මෙය ක්‍රියාත්මක නොවෙන බවත් සඳහන් කළා.  

ඉකුත් දා මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය කලු පටි පැළඳ සභා ගර්භය තුළ විරෝධයක්ද පළ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3004700789426460742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item