අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම ගැන අමෙරිකාව සතුටු වූ බව දැනුම් දෙයි

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ ...

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.

මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් ද මේ ගැන අදහස් දක්වා ඇත.

ඇය පවසා ඇත්තේ සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.

මේ අතර යුක්තිය, ප්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් කැපවන අවස්ථාවක ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9084129801213546751

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item