ඉදිරි මාස කිහිපය තුළ ආර්ථිකයේ වෙනසක් වෙනවා - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

ඉදිරි මාස කිහිපය තුළ ජනතා සහන ලබාදෙන රටේ ආර්ථිකයේ වෙනසක් ජනතාවට දැක ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගය...

ඉදිරි මාස කිහිපය තුළ ජනතා සහන ලබාදෙන රටේ ආර්ථිකයේ වෙනසක් ජනතාවට දැක ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය කාලයේ ලබා ගත් ණය හේතුවෙන් රටේ ආදායමට වඩා ණය පොලිය ගෙවීමට සිදු වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජයේ නව වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රටේ ආර්ථික කළමනාකරණය කරමින් ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.

රජය මේ වනවිට ක්‍රමවත්ව වැඩපිළිවෙළක් තුළ රට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මීට අමතරව සිදුවන වෙනස කුමක්ද යන්න පැහැදිලිකිරීමක් සිදු නොකළ අතර පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනේ හැම විටම වෙනසක් සිදු කරන බව පැවසීමය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3355836989000430293

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item