රංග බණ්ඩාර පහර දී තරුණයෙක් රෝහලේ - රංග බණ්ඩාර අමුතු කතාවක් කියයි

රංග බණ්ඩාර තමන්ට අසාධාරණයක් වූ විට ඊයේ රාත්‍රී 12.30 ට පමණ පල්ලම නගරයට ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රං‍‍ගේබණ්ඩාර විසින් සිදු කරන ලද...

රංග බණ්ඩාර තමන්ට අසාධාරණයක් වූ විට
ඊයේ රාත්‍රී 12.30 ට පමණ පල්ලම නගරයට ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රං‍‍ගේබණ්ඩාර විසින් සිදු කරන ලද බව කියන පහරදීමක් හේතුවෙන් තරුණයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්වූ බව කියන පල්ලම පාසල පාර පදිංචිකරුවෙකු වන ගුණසිංහ හේරත් මුදියන්සේලාගේ තුසිත මධුසංඛ (අවු:22) යන අය හලාවත මහා රෝහලේ 7 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

තමන් නිල රථයෙන් ගමන් කරමින් සිටින විට බීමත් අයෙකු මාර්ගය හරහා ගමන් කළ බවත්,තමන්ගේ ආරක්ෂක නිලධාරීන් මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් පවසමින් තරුණයෙකු රාජ්‍යය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර  විසින් පල්ලම පොලීසියට බාර දී ඇත.

තමන් වෙත රාජ්‍ය අමාත්‍යයවරයා විසින් බාර දුන් තරුණයා බීමතින් සිටියාද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කළ බව අප කළ විමසීමකදී පල්ලම පොලීසියේ නිලධාරියෙකු පැවසීය.

කෙසේ වෙතත් රෝහල් ගත කර ඇති තරුණයා ප්‍රකාශ කරන්නේ තමා බීමතින් නොසිටි බවත්, පුද්ගලික හේතුවක් නිසා රාජ්‍ය අමාත්‍යයවරයා විසින් පහරදීම සිදු කළ බවත්ය.
මේ කෙසේවෙතත් බීමතින් පාරේ ගමන් නොකළ හැකිය යන නීතියක් නොමැති අතර මන්ත්‍රී අන්ගාරක්ෂකයන්ට පාරේ ගමන් කරන කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක්ද නොමැත. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්නේදැයි ජනතාව අවධානයෙන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2241683906881363263

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item