මහා රංගධරයා ‘විජය නන්දසිරි’ දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.අද පෙරවරුවේ ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහ...


ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.අද පෙරවරුවේ ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මරණයට පත්ව ඇත.අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 72වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුමේ දෙන බව පවුලේ ඥාතීන් කියයි. 

පසුගිය කාලය පුරාවට රූපවාහිනී තිරයේ පෙනී සිටි ඔහු 'පුංචි පහේ මං' වැනි වැඩසටහන් මගින් තම නිසග දක්ෂතා දැක්වීය.මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.1966 වසරේදී 'විදුර දිය' වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහුගේ වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී, වැනි වේදිකා නාට්‍ය ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණය.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4840351573098941813

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item