ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ වැඩ තහනම්

පසුගිය 19 වනදා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා පැමිණි UL554 ගුවන් යානය පැය 15ක් ප්‍රමාද වීමේ සිදුවීමට ස...

පසුගිය 19 වනදා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා පැමිණි UL554 ගුවන් යානය පැය 15ක් ප්‍රමාද වීමේ සිදුවීමට සම්බන්ධ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.ප්‍රමාද වී පැමිණි ගුවන් නියමුවා සම්බන්ධයෙන් ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපල බලධාරීන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වූ හෙයින් ගුවන් යානය ශ්‍රී ලංකාව දක්වා පියාසර කරවීම සඳහා වෙනත් ගුවන් නියමුවෙකු යොදාගත් බවත් ප්‍රමාදයට හේතුවූ ගුවන් නියමුවා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් සමාගම ප්‍රකාශ කරයි.

පරීක්ෂණ සඳහා ෆ්‍රැන්කට් ගුවන්තොටේ බලධාරීන්ගේ සහායද ලැබෙන බවත්, මේ අනුව කපිතාන් උපේන්ද්‍ර රණවීරගේ වැඩ තහනම් කළ බවත් ගුවන් සේවා ආරංචි කියයි.තම සමාගම නිරන්තරයෙන් ම ගුවන් මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන බවත් නොසැලකිළිමත් ලෙස ක්‍රියාකරන සහ ආයතනයේ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ශ්‍රී ලංකන් සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

මේ හේතුව නිසා ගුවන් යානය පැය 15ක් පමණ ප්‍රමාද වී ඇති බවත්, ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් එම ගුවන්තොටට සහ මගීන්ට ගෙවීමට ගුවන් සමාගමට සිදු වනු ඇති බවත් දැනගන්නට ඇත.

ගුවන් යානයේ මගීන් 259ක් පමණ සිට ඇති අතර පය 15ක ගුවන් ගමන් ප්‍රමාදය නිසා එක් අයෙකුට යුරෝ 600කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් ගෙවීමට සිදුවේ. 

මේ අතර අද දින ගුවන් නියමු කැප්ටන් රණවීර ශ්‍රී ලංකාවට පැමිණ අතර ගුවන් සේවයේ කළමනාකාරිත්වය විසින් ඔහුව පිටටට රැගෙන යාමට සලස්වා ඇත්තේ විශාල මාධ්‍යවේදීන් පිරිසක් ගුවන් තොටුපලේ රැදී සිටි නිසාවෙනි.
මෙම සිදුවීමටම සමාන සිදුවීමක් මින් පෙර ශ්‍රී ලාංකික ගුවන් නියමුවෙකු ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේදේ අත්විදීමට සිදුවී ඇති අතර ඔහුගේ වැඩ තහනමට ලක්විය. පසුව ඔහු විසින් ඔහුව නිවැරදි බව තහවුරුකිරීමට එංගලන්ත බලදාරීන්ට සිදුවූ අතර ඔහු මුලික අයිතිවසිකම් නඩුවකද පවරනු ලැබූ අතර පහුව ඔහු ශ්‍රී ලන්කන් සමගම විසින් සේවයට බදවා ගනු ලැබූ අතර මේ වන විට ඔහු මිහින් ලංකා සමාගමේ සේවය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4330295415212618039

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item