තුර්කි IS ප්‍රහාරයෙන් 50ක් මරුට 100කට වඩා තුවාල (VIdeo)
දකුණුදිග තුර්කියේ විවාහ මංගල උත්සවයක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් ඇති අතර, මින් තුවාල ලැබූ පිරිස 100කට ආ...

https://www.sathhanda.com/2016/08/is-50-100-video.html
මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව ඊජිප්තු ජනපති රිසෙප් තයේප් එර්ඩෝගාන් පවසයි.
ගාසිආන්ටෙප් නගරයේ එළිමහන් විවාහ මංගල උත්සවයක් අතර තුර සිදුවූ මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එල්ල කරන ලද්දක් බවද කියැවෙයි.
ගාසිආන්ටෙප් නගරය බහුතර කුර්දි ජනතාවක් වෙසෙන නගරයක් වන අතර, එය සිරියානු දේශසීමාවෙන් කිලෝමීටර් 64ක් ඔබ්බෙන් දකුණුදිග තුර්කියේ පිහිටි නගරයකි.
උතුරු සිරියාවේ සහ උතුරු ඉරාකයේ කුර්දි YPJ සහ YPG හමුදා විසිත් IS ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තයට දැඩි පරාජයක් අත්කර ඇති අවස්තාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
Related