ඇහැළියගොඩ අභිරහස් මරණයක් - මිනිය ෆෝර උරයේ

පොහොර උරයක බහා තිබු මළ සිරුරක් ඇහැළියගොඩ, පලිගල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත ඇහ...

පොහොර උරයක බහා තිබු මළ සිරුරක් ඇහැළියගොඩ, පලිගල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත ඇහැලියගොඩ පොලීසිය සිදුකළ විමර්ශනයකදී අදාළ මළසිරුර සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ දිගන, කිතුලේමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් බවට හඳුනාගෙන ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ඇහැලියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව වාර්තා වේ.

මෙම සැකකටයුතු මරණය පිළිබඳ ඇහැලියගොඩ පොලීසිය පුළුල් විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1309945659212841535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item