පශු වෛද්‍යවරු අද වර්ජනයක - කොළඹ වෙළෙඳසැල්වල මස් පරීක්ෂාවත් නවතී

පශු වෛද්‍යවරුන් අද (09) උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කරන නිසා කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වලට රැගෙන එන මස් පරීක්ෂා කිරීම් සිදු නො...

පශු වෛද්‍යවරුන් අද (09) උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කරන නිසා කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වලට රැගෙන එන මස් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ නගරයේ මස් වෙළෙඳසැල්වල අලෙවිය සඳහා විවිධ ප්‍රදේශවලින් රැගෙන එන මස් සෑම දිනකම උදේ කාලයේදී පරීක්ෂා කිරීමකට ලක්කරන බවත් එලෙස පරීක්ෂා කිරීම සිදු නොකර මස් අලෙවි කළ නොහැකි බවත් එම සංගමයේ සභාපති කීර්ති කුමාර  සඳහන් කළේය.

මේ අනුව අද (09) සහ 10, 11 යන දෙදින තුළට මස් පරීක්ෂා කිරීම සිදු නොකරන බවත් මේ නිසා කොළඹ නගරය තුළදී දින තුනක කාලයක් මස් අලෙවි කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පශු වෛද්‍යවරුන් මස් පරීක්ෂා නොකරන නිසා වෙළෙඳාම් කිරීම සඳහා මස් රැගෙන ඒමෙන් වළකින ලෙසට ව්‍යාපාරිකයින් දැනුම්වත් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3688434032390693528

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item