වසරක් පැරණි වෙළදාම් කරන සතිපොළ දයා ගමගේ විවෘත කරයි - තවකෙක් ඇවිත් නැවත කඩදාසියක් ගලවා විවෘත කරයි

දමන ප‍්‍රාදේශීය සභාවේ හිගුරාන සතිපොළ අද (27) උදෑසන විවෘත කර ජනතා අයිතියට පත් කිරීම සඳහා පාර්ශ්ව දෙකක් පැමිණීම හේතුවෙන් සංවිධායකයින් දැඩි අප...

දමන ප‍්‍රාදේශීය සභාවේ හිගුරාන සතිපොළ අද (27) උදෑසන විවෘත කර ජනතා අයිතියට පත් කිරීම සඳහා පාර්ශ්ව දෙකක් පැමිණීම හේතුවෙන් සංවිධායකයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.

දමන ප‍්‍රාදේශීය සභාවේ නිළධාරින් මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර නැගෙනහිර මහ ඇමති නසිර් අහමඩ් එනතෙක් පෙරමග බලා සිටියත් ඊට පෙර ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ පැමිණියා. ඒ මොහොතේ අසරණ වු සංවිධායක මණ්ඩලය බෙර ගසමින් දයා ගමගේ ඇතුළු පිරිස පිළිගෙන සතිපොළ විවෘත කිරීම සඳහා කටයුතු සළසා දුන්නා.

එම අවස්ථාවේ දයා ගමගේ ඇමතිවරයා එම ස්ථානයෙන් නික්ම යන විට ඔහුගේ ආධාරකරුවන් විවෘත කළ සමරු ඵලකයේ තිර රෙදි කැබැල්ල සහ එම සමරු ඵළකයේ රෙදි කැබැල්ල සවි කළ ආධාරකය ගලවාගෙන රැගෙන ගියා.

කෙසේවෙතත් දයා ගමගේ ඇමතිවරයා සහ පිරිස ඉන් පිටව ගිය පසු නැගෙනහිර මහඇමති නසිර් අහමඩ් පිරිසකුත් සමග එම ස්ථානයට පැමිණියා. එම අවස්ථාවේ නැවතත් සංවිධායක මණ්ඩලය විසින් පිළිගැනීමේ කටයුතු සිදු කරමින් එම පිරිසද කැඳවාගෙන සමරු ඵලකය වෙත ගියා. එම අවස්ථාවේ සමරු ඵළකය ආවරණය කර තිබුණේ කඩදාසියකිනි. ඒ අනුව මහඇමතිවරයා නැවතත් එම කොල කැබැල්ල ඉවත් කර දෙවන වතාවටත් සමරු ඵලකය විවෘත කළා.

පසුගිය රජය සමයේ රුපියල් කෝටි තුනහාමරකට අධික මුදලක් වැය කරමින් නෙල්සිප් ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකරන ලද දමන ප‍්‍රාදේශීය සභාවේ හිගුරාන සතිපොළ මීට වසරකට ආසන්න කාලයක සිට වෙළදුන් විසින් වෙළදාම් කටයුතු සඳහා භාවිතා කළ ස්ථානයක් බවයි වෙළඳ ප්‍රජාව පවසන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5807874726960982189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item