ආර්ථික අර්බුදය නිසා අයවැය සැකසීමත් දැඩි අර්බුදයක් - සරත් අමුණුගම
ආර්ථිකයේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය නිසා ඉදිරි අයවැය ලේඛනය සකස් කිරීම පවා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත...

http://www.sathhanda.com/2016/08/blog-post_99.html
ආර්ථිකයේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය නිසා ඉදිරි අයවැය ලේඛනය සකස් කිරීම පවා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සඳහන් කළේය.
ඊයේ (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබාගෙන තිබෙන ණය මුදල්වල වාරිකය පවා ගෙවාගැනීම අභියෝගයක් බවයි. ඉදිරි ණය වාරිකය රුපියල් බිලියන 02 ක් බවත්, මෙම ප්‍රමාණයෙන් බිලියන 1.5ක මුදලක් චීනයට ගෙවීමට තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
රාජ්‍ය සේවක වැටුප්, රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සහ ණය ගෙවීම සඳහා අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුව තිබෙන බවත්, ණය මුදල් ගෙවීම සඳහා වසරින් වසර යොදවන මුදල් බැලුමක් පිම්බෙන ආකාරයට විශාල වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගිය ආණ්ඩු සමයේදී ණය ලබාගෙන සිදු කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකින් ණය ගෙවීමට හෝ හැකි ආදායමක්වත් නොලැබෙන බවත්, මෙය රටට ඉතා අහිතකර තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය. මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට විසඳුම් සෙවිය යුතු අතර, වැට් බදුද නැවත ක්‍රමයකින් හඳුන්වාදීමට නියමිත බවද ඔහු පවසා සිටියේය.
වැට් බදු ක්‍රමය පිළිබඳ අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත් කර තිබෙන බවත්, මෙම කමිටුව මගින් වැට් බදු අය කිරීමේ දෛනික ආදායම රුපියල් 66,000 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. එම යෝජනා සහිත වැට් බදු පනත නැවත ගෙනආවොත් ඒ සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

Related