ඒකාබද්ධ විපක්ෂයේ ලේකම්කම දෙනවා කියූ නිසා පවිත්‍රා බැසිල්ගේ ලණුව කැවා - ඩිලාන් පෙරේරා

ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නව සංවිධාකයින් පත් කිරීම පිළිබඳව ඊයේ ( 18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුයේ ඒකාබද්ධ විපක්...

ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නව සංවිධාකයින් පත් කිරීම පිළිබඳව ඊයේ ( 18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් සෑදිමට නියමිත නව පක්ෂයේ ලේකම් තනතුර පවිත්‍රා වන්නිආරච්චි ලබාදීමට බැසිල් රාජපක්ෂ විසින් පොරොන්දුවක් ලබාදී ඇති බවය.

පාද යාත්‍රා ගොස් පක්ෂයේ මූලස්ථානයට හූ තබා විනය කැඩූ අයට පියවර ගැනීමට එරෙහිව තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් අමාත්‍යවරයා මෙහෙදී කියා සිටියා. එහෙත් අපට වාර්තා වන්නේ එසේ චෝදනා ලැබුවන් සඳහා විනය ක්‍රියාත්මක නොවී ඇති බවය.

‘‘දැන් පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය එහෙම බැසිල් රාජපක්ෂගේ ලණු කාලානේ මේක කලේ අලුත් පක්ෂයේ ලේකම් තනතුර එතුමියට දෙනවා කියලා පොරොන්දු වුණාම එතුමිය බැසිල් රාජපක්ෂ කියන කියන දේට හා කිව්වා බැසිල් සරණං ගච්චාමි බැසිල් සරණං ගච්චාමි කිය කිය තමා හිටියේ උදේ ඉඳන් හවසං වෙනකම් දැන් බැසිල් සරණත් නෑ‘‘ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5085541218906005441

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item