හන්තානේ දුෂණ චෝදනා ලැබු සැකකරුවන්ට ඇප
සැකකරු වර්තමාන පොලිස්පති පුජිත සමග මහනුවර හන්තාන පැරඩයිස් පාර්ක් හි පවත්වාගෙන ගිය මානව ව්‍යවසායකත්ව පුහුණූ විද්‍යාපිඨයේ අපොස (සා.පෙළ)...

https://www.sathhanda.com/2016/08/hanthana.html
![]() |
සැකකරු වර්තමාන පොලිස්පති පුජිත සමග |
මෙම සිද්ධියේ සැකකරුවන් වන දේශක චන්දිමාල් ගමගේ, ව්‍යාපාරික නිමල් නිශාන්ත පිරිස්, ඉමේෂා කුමාරි වික‍්‍රමසිංහ සහ නුවන්දි විරසිංහ යන සැකකරුවන් අද අධිකරණට ඉදිරිපත් කරනු ලැබිය.
මෙම සිද්ධියේ පරික්ෂණ කටයුතු අවසන් නොමැති නිසා සැකකරුවන් යළි රක්ෂීත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙම සිද්ධියට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට ගත් පරිගණකයක්, ලැප්ටොප් යන්ත‍්‍රයක්, ඡංගම දුරකථන තුනක්, සිම්කාඩිපත් ඇතුලූ උපකරණ සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක වාර්තාවක් ලබා ගැනිමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ අයිතිකරුගෙන් ආචාර්‍යවරුන් පිරිසකගෙන් සහ මහාචාර්ය වරයෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනිමට නිතිපති උපදෙස් ලබා ගැනිමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එම පරිගණක පිළිබඳව වාර්තාවක් ලබා ගැනිමට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂක වරයාට පොලිසිය මගින් නියෝගයක් නිකුත් කළ මහේස්ත‍්‍රාත්වරයා ඡංගම දුරකථන පිළිබඳව වාර්තාවක් ලබා ගැනිමට ද එම සමාගම් වලට නියෝග කළේය. වින්දිතයින්ට සහ සාක්ෂීකරුවන්ට බලපෑම් නොකරන ලෙස සැකකරුවන්ට තරයේ අවවාද කළ මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකාර චන්දිමාල් ගමගේට රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක්ද, නිමල් නිශාන්ත පීරිස්ට රුපියල් දසදහසක මුදල් ඇප සහ ලක්ෂ පහක ශරිර ඇපද, ඉමේෂා කුමාරි වික‍්‍රමසිංහ සහ නුවන්දි විරසිංහ යන අයට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇපද නියම කෙරිණි. මෙම සැකකරුවන් සියලූ දෙනාගේ ගමන් බලපත‍්‍ර අධිකරණය බාරයට ගැනිමටද මහේස්ත‍්‍රාත් වරයා නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ඡනාධීපති නිතිඥ කාලිංග ඉංද්‍රතිස්ස, නන්ද සේනානායක ඇතුලූ නිතිඥ වරුන් පිරිසක් පෙනි සිටියහ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් බණ්ඩාර කරුණානායක, තිලක බණ්ඩාර විඡේසිංහ, සුපුන් රත්නායක ඇතුලූ නිතිඥ මඩුල්ලක් පෙනි සිටියහ.
Related