කටානේදී යහපාලන රෝස් සහ සුදර්ශනී ගුටි කෙලි - 3ක් රෝහලේ

කටාන - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායිකා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ ආධාරකරුවන් පිරිසක් සහ එම ආසනයේ එක්සත් ජාතික පක්ෂ...

කටාන - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායිකා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ ආධාරකරුවන් පිරිසක් සහ එම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් ඇති වුණා.

ඒ, මීගමුව - කොච්චිකඬේ - උඩන්ගාව - පදිරුපියෝ මාවත පිළිසකර කිරීම අතරතුර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන්. මේ හේතුවේ තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ කටාන ආසන සංවිධායකවරිය වන රෝස් ප්‍රනාන්දු අදාළ මාවත ඊයේ දිනයේ පිළිසකර නොකරන ලෙස දැනුම් දී තිබෙනවා.

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු සදහන් කළේ එම ස්ථානයට පැමිණි රෝස් ප්‍රනාන්දු තමන්ට පහර දුන් බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ ආධාරකරුවන් දෙදෙනෙකු මේ වන විට මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු පවසන්නේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ ආධාරකරුවන් තම ආධාරකරුවන්ට පහර දී ඇති බවයි.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6002176048696461945

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item