ලෝකයේ කලබල අඩුම රට ලංකාව - කිරිඇල්ල

අද ලෝකයේ කලබල අඩුම රටවන්නේ ශ්‍රී ලංකාව බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය. "ස්වාධීන අධිකරණයක් නැතිනම් කිස...

අද ලෝකයේ කලබල අඩුම රටවන්නේ ශ්‍රී ලංකාව බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

"ස්වාධීන අධිකරණයක් නැතිනම් කිසිදු ආයෝජකයෙක් මේ රටට එන්නෙ නෑ.මිනිස්සු අතුරුදන් වෙනවා නම්,සුදුවෑන් සංස්කෘතිය තියෙනවා නම්, රාජ්‍ය නිලධාරීන් ගස්බඳිනවා නම්,රණවිරුවො ඇදගෙන ගිහින් හිරේ දානවා නම් මේ රටට කිසි කෙනෙක් එන්නෙ නෑ.පසුගිය අවුරුද්ද තුළ නීතියේ උත්තරීතරභාවයට අපි අත්තිවාරමක් දැම්මා. එම කටයුත්ත බොහෝ දුරට ඉවරයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (16දා)පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් කිරිඇල්ල මේ බව කීය.

උපාධි පිරිනමීමකට දේශපාලකයකු සහභාගී කර ගැනීමේ වරදක් නොමැත. එහෙත් ඉහල අධ්‍යාපනයක් ලැබූ ය අතර විධිමත් ඉහල අධ්‍යාපනයක් නොලැබූ අය රැදී සිටීමේ ඇති නොගැලපීම ඉහත ජායාරුපයෙන් මනාවට පෙන්නුම් කෙරේ (සියලු දෙනා තමන්ගේ ඉහල උපාධියට අදාළ ලෝගුව ඇති අතර දේශපාලකයාට එය නොමැත). බොහෝ රටවල අධ්‍යාපන ඇමතිට හෝ උසස් අධ්‍යාපන ඇමතිට (ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය යයි වෙනම ඇමති කෙනකු සිටි) අචාර්ය උපාධියක් ඇත්තේය. විදිමත් ඉහල අධ්‍යාපනයක් ලබා ඇත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේ එසේ නොවීම මහත් අභාග්‍යකි.

ඒයට අමතරව ලංකාවේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපනය එකම ඇමති යටතේය. ඔහු උසස් අධ්‍යාපනය නොදන්නවා පමණක් නොව මහා මාර්ග ගැනද නොදනී. ඔහු වටා ඇති සිය ගණනනක් රජයෙන් පඩි ගෙවන උපදේශයන් දෙස බැලුවිට එතරම් උපදේශයක් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඇමතිට කිසිම දෙයක් බැරි වීම විය යුතුය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4453537265264553608

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item