ජනාධිපති හදිසියේ තිරුපති යයි - කෝවිලට දැඩි ආරක්ෂාවක් - හදිසි හේතුව තවම හෙළිවී නැත
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති)...

http://www.sathhanda.com/2016/08/maithripala-sirisena-at-thirupathi.html
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා
කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ දෙදින වන්දනා සංචාරයක් සඳහා පැමිණ
ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කළේය.
අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ. වෙන්කතේෂ්වර යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දුහු සලකති.
ජනාධිපතිවරයාගේ සංචාරය නිසා තිරුමාලා දෙවොල පිහිටි චිට්ටූර් දිස්ත්‍රික්කයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබ තිබේ. ආන්ද්‍ර ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත අතර දේශසීමා මාර්ග වල මුරපොළවල්හි ආරක්ෂාව තර කර ඇත.
විශ්ණු දෙවියන්ගේ වයිශ්නාවා ශාස්ත්‍රධරයෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට හා පවුලේ සාමාජිකයනට තිරුපති කෝවිලේ රංගනායකුල මණ්ඩලයේදී වේදාර්ශිවාද පැවැත්වූහ.

කතරගම ප්‍රදේශයේ ඉන්දියාවේ තිරුපති කෝවිලේ අනු කෝවිලක් පිහිටුවීමට සුදානමක් ඇතැයි පවසමින් පසුගියදා එම ප්‍රදේශ ජනතාව උද්ගෝෂණයක නිරත විය,
Related