නවීන් දිසානායකට අඩු සැලකිලි නිසා ඉල්ලා අස්වන බවට අනතුරු අගවයි
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මෙන්ම, සිලෝන් ටී නාමය යටතේ අලෙවිකරණයට එක්රැස් කළ මුදල්, මුදල් අමාත්‍යාංශ යටතට පවරා ගන්නා බවට තමන්ට තොරතුරු ලැබී ඇ...

https://www.sathhanda.com/2016/08/naveen-dissanayake.html
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මෙන්ම,
සිලෝන් ටී නාමය යටතේ අලෙවිකරණයට එක්රැස් කළ මුදල්, මුදල් අමාත්‍යාංශ යටතට
පවරා ගන්නා බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්
දිසානායක පවසනවා.
එවැන්නක් සිදුවුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. සෙස් බද්ද මගින් එක් රැස්වූ අදාළ මුදල් තේ කර්මාන්තයේ ඉදිරි ගමනට වැදගත් වන බවයි අමාත්‍ය නවීන් දිසානායක වැඩිදුරටත් සදහන් කළේ.
‘‘අපගේ තේ මණ්ඩලයේ තිබෙන මුදල්, විශේෂයෙන්ම අලෙවිකරණයට අපිට තිබෙන මුදල්, අපගේ සිලෝන් නාමය ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යන්න තිබෙන මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ගන්න යනවා කියලා මට ආරංචියක් ලැබුණා. ඉතිං මේක අපිට දෙන්න බෑ. එහෙම ගන්න යනවා නම් මටත් මේ තනතුරේ ඉන්නත් බෑ. මං ඒකත් කියන්න ඕනේ. මට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා, මගේ මුදල් එහෙම ගන්න යනවා නම්. ඉතිං මං ඒක කරන්න යනවා, එහෙම මුදල් ගත්තොත් මගේ. මොකද මේ මගේ තේ කර්මාන්තයේ මුදල් මේවා, රජයේ මුදල් නෙවෙයි. සෙස් එකෙන් එකතු වුණු මුදල්. සෙස් එකෙන් එකතු වෙලා දැන් ඩොලර් මිලියන 60 ක් පමණ තිබෙනවා. මේක විශාල අසාධාරණයක් මට, එහෙම වුණොත්. ඇත්ත වශයෙන්ම ඇමති කෙනෙක් වෙලා වැඩකුත් නෑ එහෙම වෙනවා නම්. මේ එක්ස්පෝටර්ස්ලාගේ මුදල්. ඉතිං යහපාලන ආණ්ඩුවක් යටතේම අර පරණ විදියටම වැඩ සිද්ධ වෙනවා නම්, අපිට ඒක අනුමත කරන්න බෑ. අපිට කොන්දක් තියෙනවා, අපි නිහඬව අපේ වැඩ ටික කරනවා. අපිට අසාධාරණය කරන්න එනවා නම්, අපි ඒ විදියටම කතා කරන්නත් කැමතියි. ’’
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ මෙම සියලූ අරමුදල් ඒකාබද්ධ අරමුදල යටතේ පවතින අතර, අවිධිමත්ව පැවති ක්‍රියාවලියක් විධිමත් කිරීමක් පමණක් සිදුවන බවයි.
‘‘මතක තියා ගන්න අවශ්‍ය වෙන්නේ මේ සියලූම ගිණුම් තියෙන්නේ ඒකාබද්ධ අරමුදල තුළ. වෙන අරමුදල් මේ අවුරුදු 11 - 12 තුළ ඇතිකරලා, ඒක රටේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාව උපයෝගි කර ගන්නවා මේක විධිමත් කරන්න. එතකොට ආදයම් උපයන්න මාර්ගයක් ඇතිවෙලා තියෙනවා නම් එතකොට වියදම් කරන්නේ ආයිත් එය අයවැය තුළින් හරි අයවැය දෙපාර්තමේන්තුවේ අදහස ඉදිරිපත් කිරීමෙන්. ඒ ගොල්ලන්ට කිසි බාධාවක් නැහැ. මේක කාගේවත් හිතුමතේට පාවිච්චි කරන්න තියෙන ආදායම් අපි විධිමත් කිරීම තමයි මේක තුළින් කරන්නේ. ඉතිං කාටවත් බය වෙන්න ඕනෙ නැහැ. ඒ ගොල්ලොන්ගේ කටයුතු කරගෙන යන්න. නමුත් අවිධිමත්ව තිබ්බ මාර්ගය විධිමත් කිරීම තමයි අපි කරන්නෙ.’’ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

Related