සති 2න් හමුදා කඳවුර ඉවත් කර ජනතාවට ඉඩම් ලබා දෙනවා - සම්බන්ධන් පොරොන්දු වෙයි

කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක කාලයක් තුළ ඉවත් කර, හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත ලබාදෙන...

කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක කාලයක් තුළ ඉවත් කර, හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත ලබාදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  පවසයි.

පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා සමග තමා සාකච්ඡා කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආර්. සම්බන්ධන් පවසයි.

හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති සිය මුල් ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූවන් හමුවූ අවස්ථාවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  මේ බව ප්‍රකාශ කර තිබේ.  විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව දින 05ක කාලයක් පැවති විරෝධතාවය අවසන් කිරීමට විරෝධතාකරුවන් පියවර ගත් බවත් වාර්තා වේ
මෙහි සුක්ෂම බැලුවහොත් සම්බන්ධන් පෙරටු දෙමල සන්ධ්‍යා සෘජු සම්බන්ධතා පවත්වන්නේ අග්‍රාමාත්‍යතුමා සමග බව ඔහුගේ කතාවෙන් පැහැදිලිවේ. රජයේ සියලු ආරක්ෂක කටයුතු පිළිබඳව වගකියන ජනාධිපති සමග සාකච්චා කිරීමට වඩා සම්බන්ධන් අග්‍රාමාත්‍යතුමා සමග කටයුතු කිරීමට කැමති බව පෙනේ. එය බොහෝ දෙනා පවසන ආකාරයට මේ ආණ්ඩුව කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට තවත් තහවුරු වීමක්ද යන්න අපට සිතේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4683987095276080252

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item